Logo
2020 ජනවාරි මස 30 වැනි බ්‍රහස්පතින්දා
Loading...

අනවසර ගිනි අවි රජයට බාර දෙන්න සහන කාලයක්



අනවසර ගිනි අවි රජය වෙත බාර දීම සඳහා සහන කාලයක් ලබා දීමට තීරණය කර ඇත.

ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.

දිවයින තුළ සාමකාමී හා නිදහස් වාතාවරණයක් සුරක්ෂිත කිරීමේ අරමුණින් රට පුරා ව්‍යාප්තව පවතින අනවසර ගිනිඅවි තර්ජනයක් බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

ඒ අනුව බලපත්‍ර නොමැතිව භාවිතා කරනු ලබන හෝ සන්තකයේ  තබා ගෙන සිටින අනවසර ගිනි අවි රජයට බාර දිමට රජය සහන කාලයක් ලබා දී ඇත.

ඒ අනුව 2020.02.05 වන දා සිට 2020.02.12 වන දින දක්වා දිවයින පුරා මෙය ක්‍රියාත්මක කරනු ලබයි.

මෙසේ බලපත්‍ර නොමැති ගිනි අවි අදාළ ප්‍රාදේශීය ‍පොලිස් ස්ථාන වෙත සන්තකය දරන්නා විසින් බාර දිය යුතු වෙයි.

 





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'