Logo
2020 ඔක්තෝම්බර් මස 1 වැනි බ්‍රහස්පතින්දා

නොදන්න දේශපාලනයක් කරන්නෙ නැතිව දන්න රඟපෑමක් කරන් හිටියනම් ඒ පිස්සට හොඳයි-රවී





රන්ජන් රාමනායක වැනි නළුවන් දේශපාලනය නොකර රංගනයේ යෙදී සිටීම වඩා සුදුසු බව උප නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසයි.

රාමනායක මහතා විසින් කර ඇති බව කටයුත්ත ඉතාම කැත බවත් පක්‍ෂයක් ලෙස මේ සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නා බවත් මන්ත්‍රීවරයා පැවසීය.

කෙසේ නමුත් එක පිස්සෙක් කල වැඩක් නිසා ස්වාධීන අධිකරණය අහෝසියි වන බවද කී ඔහු රන්ජන් රාමනායක යනු රහස් පොලීසිය හා නීතිපති දෙපාර්තමේන්තුව නොවන බවද සඳහන් කළේය.

කොළඹදී මාධ්‍ය අමතමින් ඔහු මේ අදහස් පල කරන ලදී.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'