Logo
2020 මාර්තු මස 30 වැනි සඳුදා
Loading...

ඇමරිකාව බැල්ම හෙලන සුන්දර මිනිසුන්ගේ පාරාදීසය



මේ හැම ෆොටෝ එකක්ම මම ඉරානයට ගිය වෙලාවල් වල ගත්ත මගේ මිතුරියන්ගේ චායාරූප. ටෙහෙරානයේ මිනිස්සු, හයිවේ පාරවල්, පටු මං මාවත්, දිග කාර් පෝලිම්, ලොකු සුපර් මාකට්, ගොඩක් ගණං රෙස්ටුරන්ට්, දිග මේස දාල ගොඩාක් මිනිස්සු වාඩිවෙලා කන තැන්, රෑට හොරෙන් කාර් නවත්තල සූස්ති ගහන තැන්, පාටි දාන තැන් ආදී එකී මෙකී නොකී හැම තැනැක්ම මගේ චායාරූප එකතුවේ තියනවා.

මම ටෙහෙරාන් ගියාම කරන විශේෂ දේවල් තුනක් තියෙනවා. එකක් තමා රෑට රේස් යන කාර්වල වාඩිවෙලා ඉන්න එක. ඒකට මාව එක්ක යන්නෙ අපේ එහෙ ඔෆිස් එකේ හිටපු ඩ්‍රයිවර් කොල්ලා. එයාගෙ වයිෆුත් එනවා. හයිවේ එන්ට්‍රන්ස් ලග රේස්වලට එන කාර් නවත්තල තියෙනවා. කසිම කෙනෙක් තව කෙනෙක් එක්ක කතාකරන්නෙ නෑ. වාහන පහ හයක් සෙට් වුනාම එකා පිටිපස්සෙ එකා ගානෙ ගිහින් චුට්ටක් දුර හිමීට ගිහින් එකපාරම රේස් එක පටන්ගන්නවා. මට තේරුන විදියට ඒවයේ දිනුම පැරදුම හොයන්නෙ නෑ. අපේ එකත් හැමදාම හැසිරුනේ ඌ දිනපු විදියට.

දෙවනි එක තමා ගෙවල් වල ඩිනර් පාටි වලට යන එක. ඒකටනම් ආරාධනා වලින් කිසිම අඩුවක් තිබුනෙ නෑ කවදාවත්ම. මගෙ එක මිතුරියකගේ ගෙදර තිබුනේ ටෙහෙරාන් වල ටිකක් උඩ තැනක. එයාගෙ තාත්තා දොස්තර කෙනෙක්. අම්මත් ආණ්ඩුවේ ඉහල නිළධාරිනියක්. ඒ තාත්තා ඉරාන - ඉරාක යුද්ධය පුරාම සටන් කරපු අභිමානවත් සොල්දාදුවෙක්. බොන වීදුරුවෙන් වීදුරුවට මට ඒ ෆොටෝ පෙන්වනවා. එයා මේ ඩිනර් වලට තව යාලුවො ගොඩකට එයාලගෙ වයිෆ්ලටත් එන්න කියනවා. ඒ හැමෝම ඉරානෙට ආදරේ, ඉරාන ආණ්ඩුව විවේචනය කරන, ඇමරිකාවත් එක්ක කොහොමත් තරහ අය. හවස හතට විතර පටන්ගත්තම රෑ දොලහ විතර වෙනකන් කනවා බොනවා කතාකරනවා හිනාවෙනවා ආයෙ කනවා. ඊටපස්සේ කලබලෙන් පිටත් වෙනවා පාරෙ ඉන්න ෂරියා පොලීසියට අහුවෙන හින්දා. ෂරියා පොලීසියට මම ශ්‍රී ලංකාවෙ කියල පාස්පෝට් එක පෙන්නුවම එයාල හිනාවෙලා අතට අත දීල යන්න කියනවා.

තුන්වෙනි එකතමා හෑෂ් ගහන්න ටවුමෙන් ඈතට ඩ්‍රයිව් කරගෙන යන එක. සසාමාන්‍යයෙන් යන්නෙ මිලාද් ටවර් එක පේන දුරකට. ලොකූ පබ්ලික් කාර් පාක් තියනවා මිනිස්සු ඇවිත් වාහන නවත්තල කෑම කන විනෝද වෙන. තරුණ ජෝඩු පිරිලා. හෑෂ් බොන්න කියාපු තැන්. කන් රිදෙන්න සීතලේ මම ලංකාව ගැනයි ලෝකෙ මම ඇවිදපු අනිත් රටවල් ගැනයි නා නා ප්‍රකාර කතා කියනවා. එයාල පුරුදු විදියට රට ගැන ආඩම්බරයෙනුත් ආණ්ඩුව ගැන අකමැත්තෙනුත් කතා කරනවා.

ඉරානයේ කිසිම මිනිහෙකුට මේ යුද්ධය ඕනෙ නෑ. හැබැයි ඉරානයට ඇමරිකාව ගැහුවොත් ඉරානයේ හැම මිනිහෙක්ම ආයුධ අතට ගනීවී. ඉරානයේ මිනිස්සු සතුටින් ඉන්න, අනිත් මිනිස්සුන්ට සලකන සහ නිමුන මිනිස්සු කොට්ඨාසයක්. හැබැයි ඇමරිකාව මීට වඩා එයාලට රිදෙව්වොත් ඒ මිනිස්සු ලෝක විනාසය වෙනකම්ම සටන් කරාවී. මේ ඇෆ්ගනිස්තානයේ හෝ කුවේටයේ යුද්ධය වගේ එකක් නෙමෙයි. මේක වියට්නාම යුද්ධයට වඩා දීර්ඝ, අමානුෂික සහ නවීන යුද්ධයක්. ට්‍රම්ප්ගෙ ලස්සන ආයුධයි ඉරානෙ ලස්සන මිනිස්සුයි අතර සටනක්.

ඒ සැරට මුලු ලෝකෙම පිච්චෙයි.

ඉරානෙ ඉන්නෙ මුස්ලිම් යාලුවො උනාට මම හිතින් බාරයක් වුනා ඊලග ගල්ෆ් යුද්ධය හෙවත් තුන්වන ලෝක යුද්ධය පටන්ගන්න එපා කියල.

මිලින්ද රාජපක්ෂ

Image may contain: 2 people, people smiling, outdoor and closeup

Image may contain: 1 person, closeup

Image may contain: 2 people, people smiling, people sitting

Image may contain: 2 people, people smiling, closeup and indoor





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'