Logo
2020 ජනවාරි මස 30 වැනි බ්‍රහස්පතින්දා
Loading...

හිමෙන් සැරසුණු චීන මහා ප්‍රාකාරය



චීනයට මේ දිනවල ශීත සෘතුව උදාවී තිබේ.

එරට උතුරුදිග ප්‍රදේශ හිමෙන් වැසී ඉතාමත් සුන්දරව දිස්වන ආකාරය විදෙස් පුවත් අනාවරණය කර තිබේ.

හිමෙන් වැසීගිය උතුරුදිග චීනයේ අපූරු දසුන් විදෙස් මාධ්‍ය මෙලෙසින් වාර්තා කර තිබුණි.

පවතින අධික හිම පතනයත් සමගින් ඊසානදිග හා වයඹදිග චීනයේ ප්‍රදේශ ශ්වේත වර්ණයෙන් සැරසී තිබුණේ සුරංගනා ලොවක අසිරිය මවමින්.

චිනයේ අභිමානය ලෙසින් සැලකෙන චීන මහා ප්‍රාකාරයේ වසර 600කට වඩා ඉපැරැණි ජියුමෙන්කූ කලාපය මේ ආකාරයෙන් හිමෙන් වැසී ගොස් තිබුණි.

අතිශය ජනප්‍රිය ටියාන්චි විල ඝනකම හිම වැස්මකින් ආවරණය වී තිබුණේය.

කලාපයට බලපා ඇති සෙල්සියස් අංශක සෘණ 20ක් වූ ශිතලද නොතකමින් එම දසුන් නැරඹීමට සංචාරකයන් විශාල වශයෙන් එම කලාපය වෙත ඇදී එන බවයි විදෙස් වාර්තා පවසයි.

මේ අතර චීනයේ වයඹදිග සින්ජියෑන් පලාතට අයත් හේමු ගම්මානය, මේ දිනවල අතීත සුරංගනා කතාවක් ආකාරයෙන් දිස්වෙයි.

දැවයෙන් සැදූ නිවාසවලින් සමන්විත හේමු ගම්මානය පිහිටා ඇත්තේ කැනාස් විල සමීපයේමයි.

මේ අතර ලියොනින් පලාතේ පන්ජින් නගරයේ ගොවීන් ලහි ලහියේ එක්රැස්ව අස්වනු නෙලාගන්නා ආකාරය විදෙස් පුවත් වාර්තා කර තිබුණි.

හෙක්ටයාර 80 000ක භූමියක් පුරා පැතිර පවතින මෙම ගොවිබිමේ අස්වනු නෙලාගැනීමේ කටයුතු සදහා අද වනවිට නවීන යන්ත්‍ර සූත්‍ර යොදාගන්නා අතර ඉන් වාර්ෂිකව චීනය උපයාගන්නා ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 30කට ආසන්නයි.





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'