Logo
2020 මාර්තු මස 31 වැනි අඟහරුවාදා
Loading...

ලංකාව යළි සුරක්ෂිතයි ; මධුරි ලංකාවට ඇවිත් ලෝකෙටම කියයි



ඉන්දියාවේ ප්‍රකට සුපිරි සිනමා ශිල්පිනියක් වන මධුරි ඩික්සිත් ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදෙමින් රත්නපුර ප්‍රදේශයේ මැණික් සොයා පැමිණ ඇතැයි වාර්තා වේ.

සිය පවුලේ සාමාජිකයින් සමග ඇය මෙරට සංචාරයේ නිරතව ඇති අතර, ඇය සිය සංචාරය සඳහා නිමිත්ත කර ගෙන ඇත්තේ විවාහ දිවියේ 20 වැනි සංවත්සරය සැමරීමටය.

මීට අමතරව උඩවලව ඇත් අතුරු සෙවණේ අලි පැටවුන්ගේ සුරතල් බැලීමටද ඇය ගොස් ඇති බව දැනගන්නට ලැබේ.

මැණික් සම්බන්ධයෙන් ලොව පුරා විශාල ප්‍රසිද්ධියක් ඇති රත්නපුරේ මැණික් කිහිපයක් මිලදී ගැනීමට ද ඇය සිය ගමනේ දී සැලසුම් කර තිබේ.

පසුගිය සමයේ ආරක්ෂාව සම්බන්ධයෙන් යම් යම් ව්‍යාකූලතා පැන නැගී තිබුණද මේ වන විට ලංකාව සුරක්ෂිත රටක් බව ඇය සිය සංචාරය මගින් ඔප්පු කර පෙන්වා ඇති බවද ඇගේ සමීපතමයන් කියා සිටී.

මධුරි ඩික්සිත් සිය මව, පියා, සැමියා සහ තම දරුවන් සමග තවත් දින කිහිපයක් මෙරට රැඳී සිටීමට නියමිත බව ද දැනගන්නට ඇත.





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'