Logo
2020 සැප්තැම්බර් මස 26 වැනි සෙනසුරාදා

මංගල ශතකය ලබන ඕෂද ප්‍රනාන්දු





ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනයේ අද තරගය නතර කරන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකාව කඩුළු 7ක් දැවි ලකුනු  212ක් රැස් කරගෙන සිටියි.

ඒ අනුව ශ්‍රී ලංකාව ජයග්‍රහණය සඳහා කඩුළු 3ක් අතැතිව තවත් ලකුණු 264 ක් හෙට දිනය තුළදී රැස්කරගත යුතුයි.

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයෙ පළමු ඉනිම වෙනුවෙන් පාකිස්තානය ලකුණු 191ක් රැස් කළ අතර ශ්‍රී ලංකාව සිය පළමු ඉනිමට රැස් කළ ලකුණු සංඛ්‍යාව 271ක්.

ඒ අනුව අද දිනය සඳහා තරගය ආරම්භ කරන විට සිය දෙවන ඉනිමට කඩුළු දෙකක් දැවි ලකුණු 395ක් රැස් කරගෙන සිටි පාකිස්තානය කඩුළු 3ක් දැවි ලකුණු 555ක් රැස්කරගෙන සිටියදී  සිය ඉනිම අත්හිටුවා පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබා දුන්නේය.

ලකුණු 476 ක ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා පිලේ මුල් කඩුළු 5 ලකුණු 97ක් තුළදී බිඳ වැටුණු නමුත්  6 වන කඩුල්ලට ලකුණු 104ක සබඳතාවක් ගොඩ නැගු නිරෝෂන් දික්වැල්ල සහ ඕෂද ප්‍රනාන්දු ශ්‍රී ලංකාව ගෞරවනීය තත්වයකට රැගෙන ආවේය.

ලකුණු 65ක් රැස්කරගෙන සිටියදී නිරෝෂන් දික්වැල්ල දැවි ගිය අතර ඕෂද ප්‍රනාන්දු සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ මංගල ශතකය වාර්තා කරමින් 102ක් ලබාගෙන පිටියේ නොදැවී සිටියි.

හෙට තරගයේ අවසන් දිනයයි.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'