Logo
2020 ජනවාරි මස 25 වැනි සෙනසුරාදා
Loading...

ලෝක ඉතිහාසය වෙනස් කල පැරණිම රූපමය කතාව



ඉන්දුනීසියාවෙන් 'ලොව පැරණිතම රූපමය කතාව' සොයා ගෙන ඇත.

ඉන්දුනීසියාවේ ගල් ගුහා බිත්තියක තිබී සොයා ගැනුණු සිතුවමක් වසර 44000ක් පැරණි බව සොයාගෙන ඇත.

එම සිතුවමෙහි දැක්වෙන්නේ, හෙල්ල සහ ලණු ලෙස සැලකිය හැකි යමක් අත දරා සිටින අර්ධ-මිනිස්, අර්ධ-සත්ව ජීවීන් පිරිසක් මී හරකුන් දඩයම් කරන අයුරුයි.

ඇතැම් පර්යේෂකයන්ගේ අදහස වී ඇත්තේ, මෙම දර්ශනය ලොව පැරණිතම සටහන් කළ කතාන්තරය (oldest-recorded story) විය හැකි බවයි.

ඔස්ට්‍රේලියාවේ ග්රිෆිත් විශ්වවිද්යාලයේ පුරාවිද්යාඥයින් පිරිසක් මෙම නව සොයා ගැනීම් පිළිබඳව Nature සඟරාවේ පළ කර ඇත.

මීට වසර දෙකකට පෙර මෙම සිතුවම පළමු වරට නෙත ගැටී තිබුණේ, ග්රිෆිත් විශ්වවිද්යාලයේ පුරාවිද්යාඥ ඇඩම් බ්රම් නමැත්තාටයි.

ඉන්දුනීසියාවෙන් හමුවූ මෙම සිතුවම ලොව පැරණිතම සිතුවම වන්නේ නැහැ.

පසුගිය වසරේදී විද්යාඥයින් පිරිසක් අනාවරණය කළේ, වසර 73000ක් තරම් පැරණි "මානවයින්ගේ පැරණිතම සිතුවම" දකුණු අප්රිකාවේ පාෂාණ කොටසක තිබී සොයා ගැනුණු බවයි.

ඉන්දුනීසියාවේ බෝනියෝහි නැගෙනහිරින් පිහිටි සුලවෙසි දූපතේ දකුණු ප්‍රදේශයේ ඇති  ගුහාවක තිබී මෙම සිතුවම් හමු වී තිබුණි.

එම සිතුවම ඇදි පුවරුව මීටර් 5කට ආසන්න පළලකින් යුක්ත වන අතර ඇනෝවා ලෙස හඳුන්වන මී හරක් විශේෂයක් සහ සුලවෙසි දූපතේ වෙසෙන වල් ඌරන් එම සිතුවමෙන් දැක්වෙයි.

එම සතුන්ට ආසන්නයේ මිනිසුන් මෙන් දිස්වන එහෙත් වලිග සහ දිගු මුහුණු සහිත කුඩා රූප ද දැකිය හැකියි.

සිතුවමෙහි එක් කොටසක හෙල්ල අතින් ගත් කිහිප දෙනෙකු විසින් වට කරගනු ලැබ සිටින මී හරකෙකු දැක්වෙයි.

කෙසේ වෙතත්, පුවරුව මත ඇති මෙම සිතුවම එහි ඇඳි එක ම කතාවක් නිරූපණය කරන්නේ ද යන්න පිළිබඳව ඇතැම් පර්යේෂකයෝ ප්‍රශ්න කරයි.

ඔවුන් පවසන්නේ, එය කාලයක් තිස්සේ අදින ලද සිතුවම් රැසක එකතුවක් විය හැකි බවයි.





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'