Logo
2019 දෙසැම්බර් මස 10 වැනි අඟහරුවාදා

දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ජය සජිත්ට



දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය අනුව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කර ඇත.

ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 11,261 ක් හිමි කර ගෙන ඇත.

ගෝඨාභය රාජපක්ෂ තැපැල් ඡන්ද 10,831 ක් ලබා ගෙන ඇත.

අනුර කුමාර දිසානායක ඡන්ද 1134 ක්, එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා ඡන්ද 146 ක් හා මහේෂ් සේනානායක මහතා ඡන්ද 56 ක් ලබා ගෙන ඇත.

දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ වලංගු තැපැල් ඡන්ද සංඛ්‍යාව 23,623 ක්.

ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 412 යි.

ප්‍රකාශිත ඡන්ද මුළු ඡන්ද සංඛ්‍යාව 24,035යි.

ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 24,260 යි.

ඒ අනුව දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දය ගෝඨාභය රාජපක්ෂ මහතාට වඩා ඡන්ද 430  ක් ලබා ගෙන සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය ලබා තිබේ.







Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'