Logo
2019 දෙසැම්බර් මස 10 වැනි අඟහරුවාදා

බදුල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ජය ගෝඨාට



බදුල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ජය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා හිමි කර ගෙන තිබේ.

ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ තැපැල් ඡන්ද 21,772 ක් ලබා ගෙන ඇත.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සජිත් ප්‍රේමදාස 11,532 ක් ලබා ගෙන තිබේ.

ජාතික ජන බල ව්‍යාපාරයේ අනුර කුමාර දිසානායක 2,046 ක්, ජාතික ජනතා පක්ෂයේ මහේෂ් සේනානායක තැපැල් ඡන්ද 225 ක් ලබා ගෙන ඇත.

මේ අතර රොහාන් පල්ලේවත්ත මහතා ඡන්ද 31 ක් ලබා ගෙන ඇත.

බදුල්ල දිස්ත්‍රික්කයේ වලංගු තැපැල් ඡන්ද සංඛ්‍යාව 35,809 ක්.

ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 611 යි.

ප්‍රකාශිත ඡන්ද මුළු ඡන්ද සංඛ්‍යාව 36,420 යි.

ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 36,680 යි.

ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයෙන් සජිත් ප්‍රේමදාස මහතාට වඩා තැපැල් ඡන්ද 10,240  ක් ලබා ගෙන ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය ලබා තිබේ.







Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'