Logo
2019 දෙසැම්බර් මස 10 වැනි අඟහරුවාදා

යාපනය ගුවන්තොට විවෘත කිරීමේදී ජාතික ගීයට තහණමක්....?



යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ හෙට (17දා) ජනපති හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතව තිබුණත් එම විවෘත කිරීමේ උත්සවයේ න්‍යාය පත්‍රය තුළ ජාතික ගීය ගායනා කිරීමක් නොමැති බව වාර්තා වෙයි.

ඊට විකල්පයක් ලෙසින් ජාතික කොඩිය උත්සවය ආරම්භවීමේදී පටන් ඔසවා තැබීමට නියමිත බවත් වාර්තා වෙයි.

ගුවන්තොටුපොළ සංවර්ධනය කිරීමේ අවස්ථාව ආරම්භ කිරීම වෙනුවෙන් පැවැති උත්සවයේද ජාතික ගීය ගායනා කිරීමක් සිදු නොවුණි.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා රැගත් හෙලිකොප්ටර් යානය ගුවන් හමුදා කඳවුරට ගොඩ බෑමෙන් අනතුරුව ජනපතිවරයා සෘජුවම පැමිණ ගුවන් තොටුපොළ විවෘත කිරීමට නියමිතව තිබේ.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'