Logo
2019 ඔක්තෝම්බර් මස 16 වැනි බදාදා

ඇවන්ගාඩ්ට කෝල් එක අරන්දුන් ඇමති ගැන හෙළිදරව්වක්



එක්සත් ජාතික පක්ෂයේ ජනප්‍රියම ජනාධිපති අපෙක්ෂකයා සජිත් ප්‍රේමදාස මහතා බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකොන් මහතා පවසයි.

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපෙක්ෂකයා නම් කිරීමට මෙතෙක් එම පක්ෂය අපොහොසත් වී ඇති බවත්, එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපෙක්ෂකයා තොරා පත් කර ගැනීමට පක්ෂයේ පළාත් පාලන ආයතන නියොජිතයන් හට හෝ ලබා දිය යුතු බව මධ්‍යම පලාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකොන් මහතා පවසයි.

ආණ්ඩුකාරවරයා මේ බව කියා සිටියේ අද (22) හැටන් ප්‍රදේශයේ පැවති පළාත් පාලන ආයතන ප්‍රධානීන් සහ ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරුන්ට පවතින ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරිම සඳහා පැවති විශේෂ රැස්වීමකින් පසු මාධ්‍යයට අදහස් දක්වමිණි.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු මධ්‍යම පලාත් ආණ්ඩුකාර කිර්ති තෙන්නකොන් මහතා..

"එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපෙක්ෂක අර්බුදය දැන් දැඩි අර්බුදයක් බවට පත් වෙලා තියෙනවා.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ උදේට එකක් කියනවා දවල්ට එකක් කියනවා, රැට තව එකකට සැලසුම් කරනවා.

ජනාධිපතිවරණයක ඉතාමත් තිරණාත්මක දේ තමයි ජනාධිපති ප්‍රධාන අපෙක්ෂකයෝ දෙන්නා හෝ තිදෙනා නම් කිරිම .

එක්සත් ජාතික පක්ෂ පලාත් පාලන නියොජිතයෝ මහජන නියොජිතයන්ගේ ඡන්දයෙන් ජනාධිපතිවරණයට අපෙක්ෂකයෝ තොරන්න පක්ෂ නායකත්වය තොරන්න කියන යොජනාව 1999 ඉදන් අවුරුදු 20 ඉදිරිපත් කරමින් ඉන්නවා එක්සත් ජාතික පක්ෂ නායකයාට.

නමුත් එක්සත් ජාතික පක්ෂය කෘත්‍යාධිකරණ මණ්ඩලය කියන ගජ මිතුරන්ගේ සමාගම දිගින් දිගටම ජනතාවගෙන් බැහැර  පුද්ගලයෝ අපෙක්ෂකයෝ විදිහට  තියන් ඉන්න මෙවලමක් විදිහට තියන් ඉන්නවා.

එනිසා පක්ෂ අභ්‍යන්තරයේ ඇති ප්‍රජාතන්ත්‍රවාදය එක්සත් ජාතික පක්ෂය තුල දැවැන්ත ලෙස බිද වැටිලා තියෙනවා.

මේ අර්බුදය ජය ගැනිමට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරුන්ට නොහැකියාවක් තියෙනවා, ඔවුන් බොහෝ දේ සැලසුම් කරනවා නමුත් ප්‍රායෝගික වශයෙන් ඔවුන් අවුරුදු 20   නායකයාගේ ගැට වලට අහුවෙලා තියෙනවා.

මෙම ක්‍රියාවලියෙන් තොරව අඩුම තරමේ පක්ෂයේ පා.ම මන්ත්‍රිවරුන්, පළාත් සභා මන්ත්‍රීවරුන්ට, ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරුන්ටවත් ජනාධිපති අපෙක්ෂකයා තෝරාගැනිම සඳහා අවස්ථාව සලසා දිය යුතුයි.

පා.මන්ත්‍රිවරයෙකුට තමන්ගේ ජනාධිපති අපෙක්ෂකයා තෝර ගැනීමට ඡන්දය ප්‍රකාශ කළ නොහැකි පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදය කියන නාමයට නිගරුවක් කියන එක අපි කියන්න ඕනි.

අල්ලස් සහ දුෂණ කොමිෂන් සභාවේ දිල්රුක්ෂි වික්‍රමසිංහ අධ්‍යක්ෂක ජෙනාරාල්වරිය සහ අතිරේක සෙලිස්ටර් ජෙනරාල්වරිය එලියට ඇවිල්ලා තියෙන හඬ පටිය ගැන කාරණා දෙකක් මතු කරනවා.

ඒ ලබා දුන්න කාරණ දෙකෙන් එකක් තමයි මේ දුරකථන  ඇමතුම ලබාදුන් අමාත්‍යවරයා කවුද කියන එක, මේ දුරකථන ඇමතුම ලබා දුන්න ආමත්‍යවරුන් විදිහට දැනට නම් ප්‍රකාශයට පත් වෙලා තියෙන්නේ වජිර අබේවර්ධන පළාත් පාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යවරයා, ඔහු මෙම ඇමතුම ලබා දිලා නැත්නම් තමන් ඒ ඇමතුම ලබා දුන්නේ නෑ කියලා ප්‍රකාශයට පත් කල යුතුව තිබෙනවා.

මේ දුෂිත වංචා යට ගහන්න කැබිනට් මණ්ඩලයේ ඉන්න එක්සත් ජාතික පක්ෂයේ කැබිනට් අමාත්‍යවරු මන්ත්‍රීවරු මැදිහත් වෙලා කටයුතු කරනවා.

එක්සත් ජාතික පක්ෂයේ නායකයා එකතු වෙලා හොරු රකින්න කටයුතු කරනවා.

එක්සත් ජාතික පක්ෂයේ වැඩි ඉල්ලුම තියෙන්නේ කාටද කියලා කෘත්‍යාධිකාර මණ්ඩලයේ පස්ස දොරෙන් නාම යොජනා ගන්න ඉන්න රනිල් වික්‍රමසිංහ මහතා කරු ජයසුරිය මහතා ජනාධිපති අපෙක්ෂකයා විදිහට දාලා සජිත් ප්‍රේමාදාස මහතා ස්වාධීනව ඉල්ලන්න අවස්ථාව දුන්නොත් දැන ගන්නට ලැබෙයි.

සියළු දෙනාම දන්නවා එක්සත් ජාතික පක්ෂයේ වැඩිම ඉල්ලුම තියෙන්නේ කාටද කියලා , කරු ජයසුරියත් රනිල් වික්‍රමසිංහත් ඒ පුද්ගලයට නාම යෝජනා දෙන්නේ නැතුව ඔහුව ස්වාධින කණ්ඩායමකින් අපෙක්ෂකයෙකු කරලා ඔහු පරාජයට පත් කරන්න කටයුතු කරමින් ඉන්නේ.

ඔහු ස්වාධිනව ඉල්ලුවත් කෘත්‍යාධිකාරි මණ්ඩලයේ පස්ස දොරෙන් ඉදිරිපත් කරන අපෙක්ෂකයාට වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා ගන්නවා."යනුවෙන් පැවසිය.
 







Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'