Logo
2019 ඔක්තෝම්බර් මස 16 වැනි බදාදා

රනිල්-කරු-සජිත් තීරණාත්මක සාකච්ඡාවක්



එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ,නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් අද (22) කතානායක කරූ ජයසූරිය මහතා හමුවී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

කෙසේ වෙතත් සාකච්ඡාවෙන් අනතුරුව සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් නොව රටේ පවතින වාතාවරණය සම්බන්ධයෙන් පමණක් එහිදී අවධානයට යොමු වූ බවයි.

මේ අතර ජනාධිපති අපේක්ෂකයා පිළිබඳව අවසන් තීරණයක් ගැනීම සඳහා එළැඹෙන බදාදා එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් කිරීමට නියමිත බව වාර්තා වේ.

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි කතානායක නිල නිවස වෙත අද පෙරවරුවේ මෙම සාකච්ඡාව පවත්වා ඇත.

පැය 02කට ආසන්න කාලයක් පැවති එම සාකච්ඡාවෙන් අනතුරුව පිටව යන අවස්ථාවේ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මාධ්‍ය වෙත අදහස් පල කළේය.

කෙසේවෙතත් කරු ජයසූරිය මහතා පසුගියදා නිවේදනය කළේ ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන ලෙසට තමන්ට ලැබී ඇති කවර ඉල්ලීමක් වුවද සලකා බැලිය හැක්කේ, විධායක ජනාධිපති ධූරය අහෝසි කරලීමේ පරමාර්ථය මුඛ්‍ය අරමුණ කොටගත් දේශපාලන බලවේග සමඟ එක්ව පමණක් බවයි.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'