Logo
2019 ඔක්තෝම්බර් මස 17 වැනි බ්‍රහස්පතින්දා

ශවේන්ද්‍ර නැවතත් යුධ බිමට



යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද(20) සිය ධූරයට පත්වීමෙන් අනතුරුව පළමු වතාවට යාපනය ප්‍රදේශයේ සංචාරයක නිරතවිණි.

යුධ හමුදාපති නිළයට පත්වීමෙන් අනතුරුව යාපනය ප්‍රදේශයේ ආගමික නායකයින් හමුවීම වෙනුවෙන් හා උතුරු පළාත් ආණ්ඩුකාරවරයා හමුවීම උදෙසා යුධ හමුදාපතිවරයා එක්විණ.

උතුරු පළාත් ආණ්ඩුකාර අචාර්ය සුරේන රාඝවන් මහතා හමුවු යුධ හමුදාපතිවරයා වර්තමානයේ යාපනය ඇතුළු උතුරු පළාතේ ආරක්ෂක තත්වය සම්බන්ධයෙන් සාකච්ජා කළ අතර, උතුරු පළාතේ ආරක්ෂක අංශ සතු ඉඩම් නිදහස් කිරීම සම්බන්ධයෙන්ද එහිදි සාකච්ජා කළහ.

උතුරු පළාත් ආණ්ඩුකාරවරයා හා යුධ හමුදාපතිවරයා ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන්ද සාකච්ජා පැවැත්වු අතර, දෙදෙනා සමරු තිළිණ හුවමාරු කර ගැනීමද සිදුකලහ.

යාපනය නාග විහාරය වෙත පැමිණි යුධ හමුදාපතිවරයා යාපනය නාග විහාරයේදී බෞද්ධ ආගමික වතාවත්වල නිරතවු අතර, අනතුරුව යුධ හමුදාපතිවරයා යාපනය නල්ලූර් කෝවිලේ සංචාරයකටද එක්විණ.

යාපනය ප්‍රදේශයේ යුධ හමුදාපතිවරයා සුහද හමුවක නිරතවු බව යාපනය ආරක්ෂක සේනා නිලධාරීන් පැවසීය.

යුධ හමුදාපතිවරයාගේ සංචාරය වෙනුවෙන් යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය මහතාද එක්ව සිටියහ.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'