Logo
2019 සැප්තැම්බර් මස 21 වැනි සෙනසුරාදා

සජිත් රනිල් ඇට් හෝම් එක අද-ජයවික්‍රම ව්‍යංගයෙන් කිව්ව අපූරු කතාව



අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතර අද පස්වරුවේ පැවැත්වීමට නියමිත සාකච්ඡාව සුබදායි වනු ඇතැයි අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා පවසයි. 

කැබිනට් රැස්වීමට සහභාගීවීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

අමාත්‍යවරයා පවසා සිටියේ අද දින පැවති කැබිනට් මණ්ඩල සඳහා ඉදිරිපත් කළ යෝජනා අනුමත වූ බවයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් රැස්වීම අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණි. 

“අද රෑට ඇට් හෝම් එකක්“ තිබෙන බවත් පැවැත්වීමට සාකච්ඡාව සුබදායි වණු ඇති බවත් අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා වැඩිදුරටත් පැවසීය.







Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'