Logo
2019 සැප්තැම්බර් මස 23 වැනි සඳුදා

පොලිසියට චන්ඩි පාට් දැමූ ඒජාප මන්ත්‍රිවරිය බන්ධනාගාර ගත කරයි



වෙන්නප්පුව පොලිස් වසමේ සීනෝර් හංදියේ දී වෙන්නප්පුව පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ කාන්තාවන් දෙදෙනා පොලීසියට බැන වැදෙන ආකාරය දැක්වෙන වීඩියෝ පටය මේ වන විට පොලීසිය විසින් නිකුත් කර තිබේ.

මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරිය හා ඇගේ සහෝදරිය අගෝස්තු මස 30 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද නියෝග කළේය.

එම සිදුවීම සම්බන්ධයෙන් එකම පවුලේ සැකකාරියන් තිදෙනාට හා සැකකරුට වරෙන්තු නිකුත් කර ඇත.

මෙසේ ඊයේ(20) දිනයේ දී අත්අඩංගුවට පත් ව ඇත්තේ වයස අවුරුදු 21 ක් වු තුම්මෝදර ලිපිනයේ පදිංචි එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය සහා මන්ත්‍රීවරියක් වන දුලක්ෂි චමෝදරී ප්‍රනාන්දු හා වයස අවුරුදු 16 ක් වු නිමාෂා නවාන්ජලී ප්‍රනාන්දු යන අයයි.

‍අත්අඩංගුවට පත් සැකකාරියන් අද (21) දින මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී තිබේ.

19 වන දා සවස 4 සිට රාත්‍රී 8 දක්වා මාර්ග බාධක රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් සවස 5.15 ට පමණ අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් නවතා පරීක්ෂා කර ඇත.

යතුරුපැදියේ පැදිකාරිය සතුව රියදුරු බලපත්‍රය හා අනෙක් බලපත්‍ර තිබී නොමැති බව පොලීසිය පවසයි.

එම අවස්ථාවේ දී යතුරුපැදිකාරිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියක් වු සහෝරිය, තවත් සහෝදරියක් හා පියා එම ස්ථානයට යතුරුපැදියකින් හා වෑන් රථයකින් පැමිණ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර පොලිස් බාරයේ සිටි සැකකාරිය හා යතුරුපැසිය රැගෙන යෑමට උත්සහ දරා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

එහිදී එම අවස්ථාව රාජකාරීයේ යෙදී සිටි පොලිස් නිලධාරියෙකු විසින් මෙම දර්ශන වීඩියෝ ගත කර ඇත.

පොලිස් නිලධාරීන් විසින් අධික වේගයෙන් පැමිණි යතුරුපැදිය හා පසුව ආ යතුරුපැදිය පොලිස් බාරයට ගෙන තිබේ.

පසුව සැකකාරිය හා එම ස්ථානයට පැමිණි පිරිස වෑන් රථයකින් පලා‍ ගොස් ඇත.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ඊයේ (20) මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට වීඩියෝ පටය ද සමඟ පොලීසිය කරුණු වාර්තා කර තිබේ.

එම සිදුවීම සම්බන්ධයෙන් එකම පවුලේ සැකකාරියන් තිදෙනාට හා සැකකරුට වරෙන්තු නිකුත් කර ඇත.

මෙසේ ඊයේ දිනයේ දී අත්අඩංගුවට පත් ව ඇත්තේ වයස අවුරුදු 21 ක් වු තුම්මෝදර ලිපිනයේ පදිංචි එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය සහා මන්ත්‍රීවරියක් වන දුලක්ෂි චමෝදරී ප්‍රනාන්දු හා වයස අවුරුදු 16 ක් වු නිමාෂා නවාන්ජලී ප්‍රනාන්දු යන අයයි.

‍වරෙන්තු වී සිටින අනෙක් සැකකාරිය හා සැකකරු අත්අඩංගුවට ගැනීමට වෙන්නප්පුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පැවැත් විය.

කෙසේ වෙතත් මේ සිද්ධිය සම්බන්ධයෙන් වරෙන්තු නිකුත් වී සිටි වර්ණකුලසූරිය සුපුණි දුලාංජනී ප්‍රනාන්දු යන අයද අද දින අධිකරණයට ඉදිරිපත් වීමෙන් අනතුරුව අගෝස්තු 30 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

වරෙන්තු නිකුත් වී සිටි සමන් අශෝක් කුමාර් ප්‍රනාන්දු යන අය අද දින මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරියේ පෙනී සිටිමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 3 බැඟින් ශරීර ඇප එකක් මත මුදා හැර තිබේ.







Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'