Logo
2019 සැප්තැම්බර් මස 15 වැනි ඉරිදා

ජනාධිපතිවරණය ගැන සාකච්ජා කරන්න ටෙලෝ පක්ෂ නියෝජිතයින් රැස්වෙයි



එළැඹෙන ජනාධිපතිවරණයේදී කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ටෙලෝ පක්ෂයේ මධ්‍යම කාරක සභා නියෝජිතයින් අතර සාකච්ජාවක් පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන් මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබේ.

ඒ ඊයේ(18) සවස ටෙලෝ පක්ෂ වව්නියාව කාර්යාලයේදී ය.

ඉදිරි ජනාධිපතිවරණයේදී පක්ෂය ගනු ලබන ක්‍රියාමාර්ග,මධ්‍යම කාරක සභාවේ අදහස් හා යෝජනා, කුමන අපේකෂකයෙකු වෙනුවෙන් සහයෝගය ලබාදිය යුතුද යන්න සම්බන්ධයෙන් එහිදි සාකච්ජා පැවැත්විණ.

සාකච්ජාව සම්බන්ධයෙන් පක්ෂයේ නියෝජිතයින් පැවසුවේ එළැඹෙන ජනාධිපතිවරණයේදී සිය පක්ෂය සහයෝගය ලබාදෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් ඉදිරියේදී ප්‍රකාශ කරන බවයි.

සාකච්ජාවන් වෙනුවෙන් පක්ෂයේ මධ්‍යම කාරක සභාව නියෝජිනය කරන ටෙලෝ පක්ෂය තුළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විනෝ නෝහදාරලිංගම් මහතා හා එම්.කේ.ශිවාජිලිංගම් මහතා ඇතුළු පක්ෂයේ උතුරු නැගෙනහිර පළාත් නියෝජිතයින් එක්ව සිටියහ.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'