Logo
2019 අගොස්තු මස 20 වැනි අඟහරුවාදා

උ/පෙළ ජීව විද්‍යා සිසුන්ට අසාධාරණයක්?



නව විෂය නිර්දේශයේ පවතින ගැටලු හේතුවෙන් මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ජීව විද්‍යා ප්‍රශ්න පත්‍රයට පෙනී සිටි සිසුන්ට අසාධාරණයක් සිදුව ඇතැයි උසස් පෙළ ජීව විද්‍යා සිසු දෙමාපිය සංසදය පවසයි.

ඔවුන් අද(14) මාධ්‍ය හමුවක් පවත්වමින් කියාසිටියේ විෂය නිර්දේශ පොත්වල ඇතැම් සාවද්‍ය කරුණුද පවතින බවයි.

උසස් පෙළ ජීව විද්‍යා සිසු දෙමාපිය සංසදයේ කැඳවුම්කරු කීර්ති ජයතිලක මහතා පවසා සිටියේ, පරණ නිර්දේශයට ඇති පෙළ පොත මඟින් ගුරුවරයෙකුට නිවැරදිව ඉගැන්වීම් කළ හැකි බවයි.

මේ අතර අලුත් නිර්දේශයට නිකුත් වී ඇති පෙළ පොත තුළින් නිවැරදිව ඉගැන්වීම් සිදු කල නොහැකි බවත් පැවසු ඒ මහතා, ඉංග්‍රීසි භාෂවෙන් ඇති නිසා ගුරුවරුන්ට හැකි අයුරින් පරිවර්තනය කර ගෙන ඉගැන්වීම් කරන බවද සඳහන් කළේය.

එඩ්ස් හා සිපිලිස් යන රෝග දෙකටම මෙම පොතේ එකම රෝග ලක්ෂණ දක්වා ඇතැයි ද පැවසු ඒ මහතා, කවදා හෝ වෛද්‍යවරයෙක් වෙන දරුවෙකුගේ මෙවැනි වැරදි කරුණු ඇති බවද කියා සිටියේය.

මේ අතර මෙහිදී අදහස් දැක්වු පුහුණු විද්‍යාපීඨ හා උපාධිධාරී ගුරු සංවිධානයේ සභාපති ශාන්ත දැල්කඳුරආරච්චි මහතා කියා සිටියේ, සිංහල මාධ්‍ය ළමුන්ට අදාල දෙවැනි ඒකකය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 5 වතාවක් වෙනස් කර ඇතැයි ද පැවසීය.

විෂමතා රැසක් මෙයින් නිර්මාණය වී ඇති බවත් නමුත් එක් විෂය පත්‍රයකට පිළිතුරු සපයන ළමුන්ට ඇත්තේ එකම ලකුණු පටිපාටියක් බවද කියා සිටියේය.

සම්පත් පොත අවසානයේ දී මීට මාසයකට පමණ පෙර අන්තර්ජාලයට එක් කර ඇති බවත් එය පළක් නොමැති ක්‍රියාවත් බවත් මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමේ දී ජාතික අධ්‍යාපන ආයතනය විසින් අපට ඇත්තේ එක් යතුරු ලියන්නෙක් වන බවත් පැවසීය. 







Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'