Logo
2019 නොවැම්බර් මස 14 වැනි බ්‍රහස්පතින්දා

'ඇමෙරිකන් රූකඩ ආණ්‍ඩුවක් හදන කුමන්ත්‍රණයක්' - ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ

ජනාධිපතිවරණයේ පොහොට්ටුවේ අපේක්ෂකයා කවුද? ජයග්‍රහණය සම්බන්ධයෙන් ඇති තක්සේරුව, විදෙස් මැදිහත්වීම් හා රටේ ඉදිරි ගමන ආදිය විමසමින් එක්සත් ජනතා නිදහස් සංධානයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා සමග කළ සාකච්ඡාවකි.

ප්‍රශ්නය - අද පොහොට්ටු සන්ධානය ගොඩනගනවා කියලා කියනවා. ස්ථිර වශයෙන්ම වෙයි ද? කල් යයි ද?

පිළිතුර - 11 වැනිදාට වෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ සමුළුව පවත්වන එක. ඒකෙදී තමයි මහින්ද රාජපක්ෂ පස්වැනි විධායක ජනාධිපතිතුමා එතුමා වටා සිටින බලවේගය ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ජාතික අපේක්ෂකයා කවුද කියලා ප්‍රකාශයට පත් කරන්නේ.

ප්‍රශ්නය - මේ සමුළුවේදී ඒ අපේක්ෂකයා ස්ථිර වශයෙන්ම ප්‍රකාශයට පත් කරනවා?

පිළිතුර - ස්ථිර වශයෙන්ම ප්‍රකාශයට පත් කරනවා. ඒ අපේක්ෂකයා මේ රටේ ජනතාවගෙන් අතිමහත් බහුතරයක් ඉල්ලා සිටින අපේක්ෂකයාම තමයි.

ප්‍රශ්නය - හංගන්න දෙයක් නෑ ඔහු ගෝඨාභය රාජපක්ෂ?

පිළිතුර - අනිවාර්යයෙන්ම.

ප්‍රශ්නය - ඔබ එක මතයක හිටියා ගෝඨාභය රාජපක්ෂ පොහොට්ටුවේ අපේක්ෂකයා නොවෙයි. පොහොට්ටුව මුල් කරගෙන ගොඩනැගෙන සන්ධානයේ අපේක්ෂකයා විය යුතුයි කියලා?

පිළිතුර - මේ සිදුවෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන පක්ෂ සමුළුවේදී අපේක්ෂකයා ප්‍රකාශයට පත් කිරීමයි. ඊළඟට ඒ අපේක්ෂකයා ජාතික නිදහස් පෙරමුණ පවත්වන සමුළුවටත් එනවා. ඒක අපි බලාපොරොත්තු වෙනවා සැප්තැම්බර් 8 වැනිදා කරන්න. එතකොට ඒ සම්මේලනයේ දී ඒ ජාතික අපේක්ෂකයා අපේ පක්ෂය විසින් පිළිගැනීමට ලක් කරනවා. ඒ විදියට අපේ අනෙකුත් දේශපාලන පක්ෂ හා තවත් ජාතික සංවිධාන ගෝඨාභය රාජපක්ෂ මහත්මයාව තමන්ගේ සමුළුවලට ගෙන්වලා තම පක්ෂයේ ද සහාය හිමිවන පොදු ජාතික අපේක්ෂකයා කියන පදනමට වැටෙනවා. ඒ වගේම ජනාධිපතිවරණයට පෙර දැනට ඒකාබද්ධ විපක්ෂය හැටියට ගොනු වී සිටින සියලු දේශපාලන පක්ෂත් තවත් අලුත් දේශපාලන පක්ෂත් එකට එකතුව මහා සන්ධානය ගොඩනැගීම සිදු කරනවා. ඒකේ ව්‍යවස්ථාවට අදාළ කටයුතු දැනට ආරම්භ වෙලා තියෙන්නේ.

ප්‍රශ්නය - 2015 ජනවාරි දේදුනු විප්ලවයට විදෙස් බලපෑම තිබුණා කියලා ඔබ නිතර කිව්වා. මෙවර එවැනි බලපෑමක් නැද්ද?

පිළිතුර - 2015 ජනවාරි 8 මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාව පරාජය කිරීමේ ක්‍රියාන්විතය පිටිපස්සේ හිටියේ විදේශ ඔත්තු සේවා ජාලයක් කියලා අපි කවුරුත් දන්නවා. ඔවුන් අපේක්ෂා කළේ නෑ නැවත මහින්ද රාජපක්ෂ ආගමනයක් වෙයි කියලා.

ප්‍රශ්නය - ඔබ හිතන විදියට ඔවුන්ගේ අරමුණ වුණේ‍?

පිළිතුර - ඔවුන්ගේ අරමුණ වුණේ මහින්ද රාජපක්ෂ දේශපාලනයෙන් සමුගන්වා. ඊට පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු ඔක්කොම වගේ ගිහින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා සමග එකතු වෙනවා. ඒ හරහා ජාතික ආණ්ඩුව හැදෙනවා. විරුද්ධව අපි වගේ කීප දෙනෙක් ඉඳියි. ඒ අයට නඩු දාලා හිරේ දානවා. එතකොට අපේ රටේ දේශපාලන ගමන බටහිරට ඕනෑ විදියට ලස්සනට යයි.

ප්‍රශ්නය - නමුත් ඒ සැලැස්ම අවුල් වුණා?

පිළිතුර - ඔව්. ඒ සැලැස්ම ඒ ගොල්ලෝ නොහිතපු විදියට අවුල් කළේ‍ අපි. පෙබරවාරි 18 නුගේගොඩ මහ රැලිය පැවැත්වීමෙන්. මහජන අපේක්ෂාව නැවත මහින්ද රාජපක්ෂ සමග ගැට ගහලා ගොඩනගන්න පුළුවන් කියන විශ්වාසය හැදුණා. ඒ නිසා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත එන්න හිතපු ඇතැම් මන්ත්‍රීවරුන් නතර වුණා. අපි විපක්ෂයේ කණ්ඩායමක් විදියට ආණ්ඩුවේ ගමනට එරෙහිව ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තා. ඒ රැලි මාලාව රට පුරා ගමන් කළා. ආණ්ඩුවක් බලයට ඇවිත් මාස තුනක් යන්න කලින් ඒ ආණ්ඩුවට එරෙහිව හා පරාජය වුණු නායකයා අවශ්‍යයි කියන මතය තුළ රැඳුණු මහජන ක්‍රියාකාරීත්වයක් ගොඩනැගුණා. මේක අපේක්ෂා කළේ නෑ ඔත්තු සේවාවන්. ඒ අපේක්ෂා නොකළ දේ වෙච්ච නිසා තමයි අවුරුදු හතරහමාර යනකොට පරාජයේ සොහොන් ලකුණු කාටත් දකින්න ලැබිලා තියෙන්නේ.

ප්‍රශ්නය - මගේ ප්‍රශ්නය වුණේ‍ 2015දී ක්‍රියාත්මක වුණු විදේශ මැදිහත්වීම් මෙවර නොවෙයි ද කියලයි?

පිළිතුර - දැන් පසුගිය අප්‍රේල් 21 වැනිදා පුපුරා ගත්තේ සහරාන් වුණාට ඕකේ තිරපිටපත ලියන්නේ වෙන කවුරු හරිනේ. දවස් දෙකකට පස්සේ අයිඑස්අයිඑස් සංවිධානය ප්‍රහාරයේ වගකීම බාර ගත්තා කියලා කිව්වට ඉරාක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඉරාක පාර්ලිමේන්තුවේදීම කියලා තියෙනවා ඒ අයිඑස්අයිඑස් නායකයා තියාගෙන ඉන්නේ ඉරාකයේ කාන්තාර බද ප්‍රදේශයක ඇමෙරිකානු හමුදා කඳවුරක් ඇතුළේ කියලා. ඇත්ත වශයෙන් ගත්තොත් ඇක්සා ගිවිසුම ගත්තොත් අවුරුදු 10කට පමණක් වලංගු වෙලා තිබුණ ඒ ගිවිසුම අනාගතයේ ඕනෑම දිනයක් දක්වා දිවෙන ගිවිසුමක් බවට මේ ආණ්ඩුව 2017දී පත්කර ගත්තා. ඒ ගිවිසුමේ තියෙනවා හදිසි තත්ත්වයක දී ඇමෙරිකාවේ අහවල් අහවල් අනු කණ්ඩවලට ලංකාවට එන්න පුළුවන් කියලා. හදිසි තත්ත්වය නිකම් එන්නේ නෑ. හදන්න ඕනෑ. අප්‍රේල් 21 සහරාන්ලාගේ ප්‍රහාරයෙන් ඔවුන් අපේක්ෂා කළේ‍ අන්න ඒ හදිසි තත්ත්වය නිර්මාණය කර ගන්න එක. අර රියැදුරෙකුට පින් සිද්ධ වෙන්න දෙවැනි ප්‍රහාරයට ලෑස්ති වෙලා හිටපු සහරාන්ගේ බිරිය ඇතුළු පිරිස සෙයින්දමරුදුවල දී පුපුරවා ගත්ත නිසා ඒ දෙවැනි ප්‍රහාරය වැළැකුණා. ඒ දෙවැනි ප්‍රහාරය ආවා නම් මේ තත්ත්වය ඉතාම බරපතළ වෙනවා. ඒ අපේක්ෂා කළ තත්ත්වය නිර්මාණය නොවීමේ අවුල තියෙනවා. එතකොට මේ ඉදිරි මාස දෙක තුන අතර ජනාධිපතිවරණයට මෙහා මම නම් බරපතළ විදියට අනුමාන කරනවා ඔවුන්ට සාර්ථක කර ගන්න බැරි වෙච්ච හදිසි තත්ත්වය නිර්මාණය කර ගැනීමේ මෙහෙයුම ජනාධිපතිවරණයට පෙර ඔවුන් නැවත උත්සාහ කරලා බලන්න ඉඩ තියෙනවා කියලා.

ප්‍රශ්නය - දළදා පෙරහර සමයේ ප්‍රහාරයක් එල්ල විය හැකියි කියලා ඇමෙරිකානු තානාපති කාර්යාලය අනතුරු අඟවලා තියෙනවා?

පිළිතුර - එහෙම අනතුරක් තියෙනවා. ඒ පරණ තිබුණ අනතුරු ඇඟවීම කොළඹ තියෙන ඇමෙරිකානු තානාපති කාර්යාලය කරන්න පටන් ගත්තා. ලෝකයේ අද තියෙන එක අධිරාජ්‍යවාදයක් තමයි ආපදා අධිරාජ්‍යවාදය. ආපදාව පාවිච්චි කරනවා ඇතුළු වෙන්න. දැන් මෙතැන මානව ආපදාවක් තියෙන්නේ. මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර තියෙන්නේ. ඉන් අනතුරුව පශ්චාත් සමාජ ගැටුම් ඕක තමයි ආපදාව. ඒ ආපදාව ඕනෑ ඇතුළු වෙන්න. මොකද ලංකාව කියන්නේ පිහිටීම අතින් ඉතාම වැදගත් තැනක පිහිටවූ රටක්. ඒක ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ලංකාවට ඇවිත් ලක්ෂ්මන් කදිර්ගාමර් කේන්ද්‍රයේ තිබුණ කතාවක දී කිව්වා ‘ඔබේ රට පිහිටා ඇත්තේ මධ්‍යම අප්‍රිකාවට, මධ්‍යම ආසියාවට හා නැගෙනහිර ආසියාව කියන කලාප තුනටම නාභිගත වන ස්ථානයේ’ කියලා. ජෝන් කෙරී කළ ප්‍රකාශයෙන් පැහැදිලි වෙනවා ලංකාවේ පිහිටීම ගැන ඔවුන්ගේ තිබෙන තක්සේරුව මොකද්ද කියලා. ඒ නිසා ඔවුන් බලන්නේ ඔවුන්ට ඇතුල්වීම කියන තැනට ගිවිසුම අත්සන් කරගෙන හිටියත් වාතාවරණය හැදිලා නෑ තවම. වාතාවරණය හදන්න නම් සහරාන්ලා ඕනෑ. බලන්න සහරාන්ලා හදන්න නම් පිටරටින් සල්ලි ඕනෑ. අන්තවාදයට මුදල් එන්න ඕනෑ. මුදල් එන එක මහ බැංකුව මොනිටර් කරනවා. 2017 පනත් සංශෝධනයෙන් ඒක නැති කරනවා. එතකොට රාජ්‍ය අනුග්‍රහය ඇතිව වැඩිච්ච ත්‍රස්තවාදයක් මේක. සහරාන් අත්අඩංගුවට ගන්න ඕනෑ තරම් හේතු තිබුණා. නමුත් අරගත්තේ නෑ. එතකොට තව සහරාන්ලා කිහිප දෙනෙක් වගේ හොයාගන්න ඕනා.

ප්‍රශ්නය - ඒක ලේසි නෑ. ප්‍රතිඵලය කවුරුත් දන්නවනේ?

පිළිතුර - ඒ වුණාට වහබ්වාදය කියන විසකුරු මතවාදය පැතිරිලා තියෙන ප්‍රමාණයත් එක්ක හිතුවම තව සහරාන්ලා කිහිප දෙනෙක් හොයාගන්න එක අමාරු නෑ. ජනාධිපතිවරණය පවා පවත්වන්න බැරි වෙන විදියේ වාතාවරණයකට මේ රට තල්ලු කරලා ඊට පස්සේ රූකඩ භාරකාර ආණ්ඩුවක් කියන එක අටවාගෙන ඉතා භයානක අන්තයකට මේ රට අරගෙන යන්න පුළුවන්. ඉතින් මේක සිද්ධ වෙන එක වළක්වා ගැනීම තමයි අත්‍යවශ්‍ය දේ.

ප්‍රශ්නය - ඔබ හිතන විදියට එය සඳහා පාවිච්චි විය හැකි අය කවුද?

පිළිතුර - මෙතැන දී බලන්න! තවුහිද් ජමාත් සංවිධානය හැදෙන්නේ 2010දී. හැබැයි වහබ්වාදය අපේ රටේ ප්‍රවර්ධනය කරන්න පටන් අරගෙන දශක කිහිපයක් වෙනවා. වහබ්වාදය කියන්නේ ඔටෝමාන් අධිරාජ්‍ය දුර්වල කරන්න බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් පාවිච්චි කරපු මතවාදය. එතකොට මුස්ලිම්වරුන් අතරම බේදයක් හදලා ඒගොල්ලෝ අතර ගැටුම් හැදුවා. ඒකට තමයි වහබිසම් බිහිවුණේ. එතකොට ඒ මතවාදය අපේ රටේ ක්‍රමානුකූලව පෝෂණය කළාම විශේෂයෙන්ම මුස්ලිම් සමාජය තුළ ස්වර්ගයට යන්න, අල්ලා දෙවියෝ ගාවට යන්න, කන්‍යාවියන් 72ක් මුණ ගැහෙන්න හිතන මොළේ අමාරුකාරයන් කිහිප දෙනෙක් නිපදවා ගන්න එක අමාරු වැඩක් නොවෙයි. ඉතින් ඒ නිසා අප්‍රේල් 21 ප්‍රහාරයෙන් බලාපොරොත්තු වෙච්ච හදිසි තත්ත්වය ඇති නොවුණ නිසා නැවතත් එවැනි හෝ එයටත් වඩා භයානක ප්‍රහාරයකින් ඒ හදිසි තත්ත්වය ඇති කර ගැනීමට ඇමෙරිකානු අධිරාජ්‍යවාදීන් උත්සාහ නොදරනු ඇතැයි මට නම් කියන්න බෑ. ඉතින් ඒකට පාවිච්චි වෙන්නේ වහබ් අන්තවාදී මතවාදය දරන පිරිස් තමයි.

ප්‍රශ්නය - මේ තත්ත්වය පාවිච්චි කරලා විදෙස් හමුද‌ා ආක්‍රමණයක් පවා සිදුවිය හැකි යැයි ඔබ කියා තිබුණා?

පිළිතුර - ඇක්සා ගිවිසුමේ තියෙනවා මේක වසර 10කට පමණයි වලංගු කියලා. ඔබ මගෙන් ප්‍රශ්න කළා මේ ගිවිසුම අත්සන් කළේ‍ ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්වරයා කියලා. ඔව්! හැබැයි ඒක වලංගු වසර 10කටයි. ඒ විතරක් නොවෙයි ඒකේ තිබුණ වගන්තියක් මේ ගිවිසුම ක්‍රියාත්මක වන්නේ ඊට අදාළ තව ගිවිසුමක් අත්සන් කිරීමෙන් පසුව කියලා. ඒ කියන්නේ මුලින් ගිවිසුම අත්සන් කළ පමණින් එය ක්‍රියාත්මක වෙන්නේ නෑ. ක්‍රියාවට නංවන්න තව ගිවිසුමක් අත්සන් කළ යුතුයි. ඒ නිසා ඒ ගිවිසුමේ තියෙන වගන්තිවලින් බලපෑමක් නෑ. හැබැයි දැන් තියෙන එකෙන් ඒ වගන්තිය අයින් කරලා. ඊළඟට මේකේ දාලා තියෙනවා ඇමෙරිකානු හමුදා අනුඛණ්ඩ ලැයිස්තුවක්. හදිසි තත්ත්වයක දී ඒ හමුදා අනුඛණ්ඩවලට එන්න පුළුවන් කියලත් තියෙනවා. එතකොට දැන් හදිසි තත්ත්වය විතරයි නැත්තේ. හදිසි තත්ත්වය හදා ගත්තොත් එන්න පුළුවන්. ගිවිසුම ගහලා තියෙන්නේ.

ප්‍රශ්නය - මේ තත්ත්වය වළක්වා ගැනීමත් අනිවාර්යයි. ඒ සඳහා ඔබගේ යෝජනාව?

පිළිතුර - එකක් මහජනයා දැනුම්වත්ව ඉන්න එක. ඒ වගේම එවැනි හදිසි තත්ත්වයක් ඇති වුණොත් ඒ ගොල්ලන්ට අවශ්‍ය වෙන්නේ සිංහල, මුස්ලිම් මරා ගැනිල්ලක්. ඒක ඇතිවෙන එක කෙසේ හෝ වළක්වා ගන්න එක. ඒ වගේම එවැනි තත්ත්වයක දී ඇතිවන මහජන විරෝධය අරලියගහ මන්දිරය දෙසට රැගෙන යන එක. ඒක තමයි අපිට තියෙන උත්තරය එවැනි තත්ත්වයක් ඇති වුණොත්.

ප්‍රශ්නය - මේ භීතිය හමුවේ ජනාධිපතිවරණය පවා කල් දැමීමට ඉඩ තියෙනවා?

පිළිතුර - ඒ අවදානම තියෙනවා. ඒ කියන්නේ බිහිසුණු ලේ වැකි කම්පනකාරී තත්ත්වයක් රටක් තුළ නිර්මාණය කළොත් ජනාධිපතිවරණය පවත්වන්න බැරි තත්ත්වයක් හැදුවොත් එතකොට ඒ තත්ත්වය ඇතුළේ ජනාධිපතිවරණය නොපවත්වා ඉන්නවා. නීතියට පටහැනියි කියලා කෙනෙකුට තර්ක කරන්න පුළුවන්. නමුත් තාවකාලිකව බාරකාර ආණ්ඩුවක් හරි අටවයි. ඒ ආණ්ඩුව රට සාමාන්‍ය තත්ත්වයට පත්වෙනකම් කියලා කියයි. නමුත් රට සාමාන්‍ය අතට පත්වෙන්නේ නැහැනේ. දිගටම තවත් නරක අතට යනවා මිසක්. එතකොට ඡන්දත් නෑ. මුකුත් නෑ. අර රූකඩ ඇමෙරිකානු බාරකාර ආණ්ඩුව ඒගොල්ලන්ට අවශ්‍ය පරිදි යයි. එහෙම කරපු රටවල් තියෙනවා ලෝකයේ.

ප්‍රශ්නය - මම මේ ප්‍රශ්නය ඔබෙන් මුලිනුත් ඇහුවා. මට සෘජු උත්තරයක් ලැබුණේ නෑ. ඔබේ කඳවුරට එරෙහිව මේ විදෙස් බලවේග ක්‍රියාත්මක නොවී ඉඳීද?

පිළිතුර - කොයි රටවලුත් දැන් පිළිගන්නවා ඉදිරි ජනාධිපතිවරණයේ දී ජයග්‍රහණය කරන්නේ අපේ අපේක්ෂකයා බව. ඒ නිසා ඒ රටවලටත් ඝනීභූත වෙච්ච ස්ථාවර තියෙන්න විදියක් නෑ. හැබැයි රනිල් වික්‍රමසිංහ ආණ්‍ඩුවෙන් ලැබෙන අවස්ථාව වෙන කාගෙන්වත් ලැබෙයි කියලා එක්සත් ජනපදය හිතන්නෙත් නෑ. මේ ගොල්ලන්ගේ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුමේ තියෙනවා ත්‍රිකුණාමලයේ ඉඳන් කොළඹ වරාය දක්වා කිලෝ මීටර 200ක් අක්කර ලක්ෂ 12ක් විශේෂ ආර්ථික කොරිඩෝවක් ඒකට අයත් වෙනවා. ඓතිහාසික ස්ථාන, පරිසර සංවේදී ප්‍රදේශ, ඔය දැන් ඉඩම් පනත සංශෝධනය කරන්න එන්නෙත් ඔන්න ඕවට. ඉඩම් පවරා ගන්න ලේසි කරගන්න. එතකොට රටේ ඉතිහාසය, සංස්කෘතිය මේ රටේ උරුමය ගැන කිසිම තැකීමක් නැති අගමැතිවරයෙක් ආයෙත් ලැබෙන්නේ නැහැනේ. එතකොට මේ කාලය ඇතුළත කරගන්න තියෙන සියල්ල කරගන්නනේ මේ අය බලන්නේ. දැනට ඇක්සා එක අත්සන් කර ගත්තට සෝෆා ගිවිසුම හිරවෙලා තියෙනවා. සෝෆා ගිවිසුම ගැහුවොත් මේක මුළුමනින්ම ඇමෙරිකන්කාරයට අයිති වෙනවා. අපිට වෙන කොහේ හරි යන්න වෙනවා. මිලේනියම් චැලේන්ජ් ගිවිසුමත් එක්තරා දුරකට හිරවෙලා තියෙනවා. ඉදිරි මාස 4 - 5 ඇතුළත ඇමෙරිකාව උත්සාහ කරන එකක් නැද්ද රනිල්ගේ අගමැතිකම නැති වෙන්න පෙර මේ සියල්ල කරගන්න. උත්සාහ දරන්නේ නැහැ කියලා අපි කොහොමද හිතන්නේ. ඒ අනතුර තියෙනවා. එහෙම නැත්නම් ඡන්දයකට ගියොත් තමන්ගේ සුවච කීකරු ගෝලයා වෙච්ච රනිල්ට බලය නැති වෙනවා. ඒ නිසා ජනාධිපතිවරණය තියන්න බැරි තත්ත්වයක් ඇති කරන්න ඕනෑ. එහෙම වෙන්න නම් හදිසි තත්ත්වයක් ඇති වෙන්න ඕනෑ. මේ විදියේ ගණන් බැලීමක් තියෙන්න බැරිද? එහෙම තියෙන්න පුළුවන්. ඒ නිසා අපේ රටේ ඉරණම් කතාවට අදාළව නම් ඉදිරි මාස 4-5 අතිශය තීරණාත්මක සංවේදී කාල පරාසයක්. ඒ කාල පරාසය තුළ සිදුවන සමහර දේවල් විසින් අපේ අනාගතය සම්පූර්ණයෙන්ම තීරණය කරන්න ඉඩ තියෙනවා.

ප්‍රශ්නය- මේ මොහොතේ දී ජනාධිපති මෛත්‍රීගේ භූමිකාවත් තීරණාත්මකයි?

පිළිතුර - මම නම් හිතන්නේ නෑ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා නැවත ජනාධිපති අපේක්ෂකත්වයක් බලාපොරොත්තුවෙන් ඉන්නවා කියලා. ඒ වගේම එතුමා එක්සත් ජාතික පක්ෂය හරහා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා ඒකෙන් රටට වෙච්ච අගතිය කොච්චරද කියන එක ගැන පශ්චාත් අවබෝධයක් දැන් ඇති වී ඇතැයි මම සිතනවා. ඉතින් ඒ නිසා නැවත එජාපයට උදව්වන විදියේ පියවරකට යන්න ඔහු තීරණය කරන එකක් නෑ කියලා හිතනවා.

ප්‍රශ්නය - ඔබ ජනාධිපති මෛත්‍රී එක්ක මේ ගැන කතා කළා ද?

පිළිතුර - නෑ. මම එහෙම හිතන්නේ පෞද්ගලිකව ඔහු ගැන තියෙන තක්සේරුවකට නොවෙයි. ජනාධිපතිවරයාගේ මල්ලටම බැහැලා කල්පනා කළොත් ගන්න තියෙන පියවර මොනවද කියලා. තියෙන එකම පියවර හැටියට මට පේන්නේ සාමකාමීව සුහදව වේදිකාවෙන් නික්ම යාමයි. ඒ සටනට අපේ කඳවුර සමග යම්කිසි දේශපාලන මිත්‍රත්වයක් තබා ගැනීම. ඒ හැරෙන්න වෙන තෝරාගත හැකි සුදුසු විකල්පයක් තියෙනවා කියලා මට පෙන්නේ නැහැ.

ප්‍රශ්නය - ජවිපෙත් බලගතු දියුණු සන්ධානයක් ගොඩනගන බව කියනවා?

පිළිතුර - ඒවා ගැන කල්පනා කරන්න තරම්වත් වටිනාකමක් නෑ.

සාකච්ඡා කළේ - 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්

Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'