Logo
2019 දෙසැම්බර් මස 13 වැනි සිකුරාදා

රන්ජන් ක්‍රිස්තියානිද මොකෙක්ද සැකයි-කාදිනල් හිමියන්



ජාත්‍යන්තරයට හිස නමමින් ත්‍රස්ත ප්‍රහාරයේ පරීක්ෂණ අඩාල කිරීමට වගකිවයුත්තන් උත්සාහ කරන්නේදැයි සැකයක් මතුවන බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට තෙමසක් සපිරීම නිමිත්තෙන් බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ ඊයේ (21) සංවිධාන කර තිබු ආගමික වැඩසටහනකට එක්වෙමින් උන්වහන්සේ මෙම අදහස් පළ කළේය.

පාස්කු ඉරු දින සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයට තෙමසක් සපිරීම නිමිත්තෙන් ප්‍රහාරයෙන් මිය ගිය අයට පිං අනුමෝදන් කිරීමින් බෝධිපූජා පිංකමක් බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේදී ඊයේ පස්වරුවේ පැවැත්වුණි.

එහිදී වැඩිදුරටත් සිය අදහස් දක්වමින් කාදිනල් හිමියන් මෙසේ ප්‍රකාශ කළේය.

"බොදුනු සංස්කෘතිය තුළ ආගම් ඇදහීමට ලැබී ඇති නිදහස අපිට ආඩම්බරයක්

මම ලැජ්ජා වෙනවා කතෝලික කියාගන්නා මන්ත්‍රිවරයා භික්ෂුන්ට එරෙහිව කරපු අපහාසයට

අපිටත් ප්‍රශ්නයක් එයා කතෝලිකයෙක්ද කියලා.

පාස්කු ප්‍රහාරය ගැන විවිධ කොමිෂන් සභා වාර්තා දුන්නලු.

එක වාර්තාවක්වත් හෙළිදරව් කරලා නෑ.

තවමත් ඉල්ලා සිටින්නේ පරිපූර්ණ විමර්ශනයක් කරලා සත්‍ය හෙළිදරව් කරන්න කියලා.

ජාත්‍යන්තරයට හිස නැමීම නායකයින්ගේ පුරුද්දක්.

ඒ නිසායි මේ සිද්ධිය යට ගියේ.

එක්සත් ජාතීන්ගේ මණ්ඩලය පොඩි රටවල් පාලනය කරන්න හදලා තියෙන සංවිධානයක්.

එක්සත් ජාතීන්ගේ මණ්ඩලය බොරුවක්.

මාවනැල්ලේ බුදු පිළිම කැඩු සිදුවීමෙන් පස්ස‍ෙ බෝම්බ හදන තැන් අහුවුණාම
එක්සත් ජාතීන්ගේ ආයතනවලට කීකරුවෙලා පරීක්ෂණ පවත්වන්න දුන්නෙ නෑ.

අපි ලොකු වේදනාවකින් ඉන්නේ.

මාස 3ක් ගිහිනුත් කිසිම වාර්තාවක් ලැබුණේ නෑ."
 






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'