Logo
2019 දෙසැම්බර් මස 11 වැනි බදාදා

මුලින්ම පළාත් සභා ඡන්දය; ඉඟියක්‌ ලැබුණු බව මැකො කියයි



ජනාධිපතිවරණයට කලින් පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා ඉඟියක්‌ දැන් පවතින බවත් එහි සැබෑ තත්ත්වය ඉදිරි දින කීපය ඇතුළත පැවසිය හැකි බවත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා 'දිවයින'ට ඊයේ (19 දා) පැවසීය.
 
 ඡන්දය පැවැත්වෙන බවට ජනතාව තුළ විශ්වාසයක්‌ ගොඩනැගී තිබෙන බවද ජනාධිපතිවරණයට කලින් පළාත් සභා ඡන්දයත් පැවැත්වෙන බවට විශ්වාසයක්‌ පවතින බවද මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.
 
 මේ පිළිබඳව නිල වශයෙන් කරුණු ලැබුණු විගස මැතිවරණ රාජකාරිය සඳහා නිසි ආකාරයට ක්‍රියාකරන බවද හෙතෙම කීවේය.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'