අද සවස දේශපාලන පෙරලියක්..- ඇමති මනෝගෙන් ඉගියක්
අමාත්‍ය මනෝ ගනේෂන් මහතා සිය ෆේස්බුක් ගිණුමට එක්කළ සටහනකින් දැක්වෙන්නේ අද පස්වරුවේ දේශපාලන සිදුවීමක් සිදුවිය හැකි බවයි.
ඒ අනුව අද පස්වරුවේ ඇතිවිය හැකි දේශපාලන සිදුවීම කුමක්දැයි යන්න පිළිබඳව බොහෝ දෙනෙකු මේ වන විට අවධානය යොමු කර තිබේ.
ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන ආ විශ්වාසභංග යෝජනාවේ ඡන්ද විමසීමද අද පස්වරුවේ සිදුකිරීමට නියමිතව තිබේ.
Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'