Logo
2019 නොවැම්බර් මස 21 වැනි බ්‍රහස්පතින්දා

හිස්බුල්ලා විශ්ව විද්‍යාලයට එරෙහි සටන අන්තරේ කරට ගනී-සිරිසේනගෙන් කදුළු ගෑස් වර්ෂාවක්



බැටික්ලෝ කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය වහා අහෝසි කරන්නැයි රජයට බලකරමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අද(09) සංවිධානය කළ විරෝධතාවට ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල විය.

ඒ විරෝධතාකරුවන් පොලිස් බාධක නොතකා කොල්ලුපිටිය මංසන්දියෙන් අරලියගහ මන්දිරය දෙසට ගමන් කිරීමට උත්සාහ කළ අවස්ථාවේදීයි.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අද දවහල් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අසලින් විරෝධතා පාගමනක් ආරම්භ කළේය.

ඒ බැටික්ලෝ කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය වහා අහෝසි කරන ලෙසට රජයට බලකරමින්.

විරෝධතාකරුවන් හයිලෙවල් මාර්ගය ඔස්සේ කොල්ලුපිටිය දෙසට ගමන් කිරීම හේතුවෙන් දැඩි රථවාහන තදබදයක්ද ඇති විය.

නුගේගොඩ ප්‍රදේශයේදි ඇඳ හැලුණු අධික වර්ෂාව හේතුවෙන් පැයක පමණ කාලයක් අතරමග නැවති සිටිමටද විරෝධතාකරුවන්ට සිදුවිය.

කොල්ලුපිටිය දෙසට විරෝධතාකරුවන් පැමිණෙන අවස්ථාවේදිත් අධික වර්ෂාවක් ඇද හැලුණු අතර පොලිසිය අරලියගහ මන්දිරයට ඇතුලු වන කොල්ලුපිටිය මංසන්ධිය මාර්ග බාධක යොදා වසා තිබුණි.

පසුව විරෝධතාකරුවන් අරලියගහ මන්දිරය දෙසට ගමන් කිරිමට උත්සහා දැරීමත් සමග පොලිසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළේය.

පොලීසිය හා කැරලි මර්දන ඒකකය සමඟ විරෝධතාකරුවන් අතර බහින්බස් විම් සිදුවන ආකාරයද දක්නට ලැබුණු අතර විරෝධතාකරුවන් මාර්ග බාධක, තිබූ ස්ථානවලින් ඉවත් කිරීමට උත්සාහ කරන ආකාරයද දක්නට ලැබුණි.

කෙසේ වෙතත් විරෝධතාකරුවන් එම ස්ථානයේ රැලියක් පවත්වා පසුව විසිර ගියේය.

මේ අතර රුහුණු විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සිසුන් සහ එහි අනධ්‍යන සේවකයින් අතර ඇති වූ බහින් බස්වීමක් දුරදිගයාමෙන් අද ගැටුමක් හටගෙන තිබේ.

ඒ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී.

ගැටුමින් තුවාල ලැබු සිසුන් 10දෙනෙකු, අනධ්‍යයන කාර්ය මණ්ඩල සේවකයෙකු සහ විශ්වවිද්‍යාලයේ ආරක්ෂක අංශ නිලධාරියෙකු මේ වන විට මාතර මහ රෝහලේ ප්‍රතිකාර ලබයි.







Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'