Logo
2019 ජූලි මස 23 වැනි අඟහරුවාදා

සහරාන් සමඟ පුහුණුවූ තවත් ත්‍රස්තයන් තිදෙනෙක් TID බාරයට



ත්‍රස්තවාදී සැකකරුවන් තිදෙනෙකු විමර්ශන කටයුතු සඳහා ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් බාරයට ගෙන තිබේ.

ඒ අතර, පේරාදෙණිය පොලිස් වසමේ, දවුලගල පාර, එළුගොඩ,හේන්දෙණිය , පේරාදෙණිය යන ලිපිනයේ පදිංචි වයස අවුරුදු 29 ක් වු මොහොම්මදු මුක්තාර් ආසික් රසාක් නැමති පුද්ගලයෙක්.

ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශය විසින් සිදු කල විමර්ශනවලදී මෙම පුද්ගලයා පිළිබඳ කරුණු රැසක් අනාවරණ වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි, රුවන් ගුණසේකර මහතා පවසයි.

ඒ අනුව ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන්, ප්‍රශ්න කිරීම සඳහා අද (09) දිනයේ දී මොහුගේ නිවසේ දී ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලබයි.

මෙම පුද්ගලයා සහරාන් සමඟ මහනුවර අරුප්පල ප්‍රදේශයේ දී පුහුණු කඳවුරේ දී පුහුණු වීම් ලබා ඇති බව ද අනාවරණය වී තිබේ.

මෙම පුද්ගලයාත් ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය බාරයට ගෙන ඇත.

ඒ අනුව තවත් පුද්ගලයින් දෙදෙනෙක් අද දිනයේ දී ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ බාරයට ගනු ලැබීය.

ඒ වයස අවුරුදු 41 ක් වු රස්නායකපුර පොලිස් වසමේ, අංක 216, නිකපිටිය, මංචාවල ලිපිනයේ පදිංචි රාජ් ගෝපාල් මුදියන්සේලාගේ ස්මයිල් මොහොම්මදු නසීර් යන අය සහ වයස අවුරුදු 21 ක් වු බදුරියා මාවත, සිල්මියා පුර, වැලිමඩ ලිපිනයේ පදිංචි සාහුල් හමීඩ් හිස්බුල්ලා යන අයයි.







Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'