Logo
2019 ජූලි මස 23 වැනි අඟහරුවාදා

සිරිසේන කලයුතු හොඳම දේ-යාපා



ජනාධිපතිවරයා ගත යුතු හොඳම තීරණය වන්නේ වාමාංශික ව්‍යාපාර නොබෙදා ආණ්ඩු විරෝධී බලවේගයක් සඳහා නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ එකතු කිරීම බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ අද(25) පොදුජන පෙරමුණු කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මේ බව පැවසීය.

“ආණ්ඩුව ඇමතිවරු කියනවා අධ්‍යාපන පොදු සහතික පත්‍ර විභාගය සමත් නැති කෙනෙක් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා හැටියට දාන්න තරම් අපිට පිස්සුවක් නෑ කියලා. 

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ශකයා ඒ තරම්  පහත් වෙලා තියෙනවා. එහෙම තියෙද්දි අපෙන් අහනවා අපේ ජනාධිපති අපේක්ෂකයා කවුද කියලා. 

අපි අගෝස්තු මාසෙ එකොළොස් වැනිදා අපේ ජනාධිපති අපේක්ෂකයා කවුද කියලා ජනතාවට හෙළිකරනවා. නමුත් ඒ අපේක්ෂකයාට අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පිළිබඳ ප්‍රශ්නයක් නෑ. 

උපාධිය තිබෙන, දැක්මක් තිබෙන, විශේෂ සුදුසුකම් තිබෙන, අත්දැකීම් තිබෙන දේශපාලනඥයෙක් අපේ ජනාධිපති අපේක්ෂකයා හැටියට ඉදිරිපත් වෙයි. මහජනතාව වෙනුවෙන් වැඩ කරපු මහජනතාවට විශ්වාසයක් තියන්න පුළුවන්, රටේ අනාගතය බාර ගන්න පුළුවන්. 

ඕනම අවස්ථාවකදී ප්‍රශ්නෙකට මුහුණ දෙන්න පුළුවන් අත්දැකීම්  ඇති දේශපාලනඥයෙක් අපි ඉදිරිපත් කරනවා. ඒ නිසා අපේ ජනාධිපති අපේක්ෂකයාට අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පිළිබඳ ගැටළුවක් නැහැ. අද එක්සත් ජාතික පක්ෂය ඒ තරම් පහත් තත්වයට වැටිලා තියෙනවා.“







Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'