Logo
2019 නොවැම්බර් මස 18 වැනි සඳුදා

බන්දුලගෙන් සජිත්ට අභියෝගයක්



පසුගිය සමයේ මෙරට දුප්පත්කමේ ප්‍රතිශතය පහළ ගියේ සංඛ්‍යාලේඛන ජිල්මාට් හරහා යැයි සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා ඔප්පු කළහොත් සිය මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය විසින් අද(25) කොළඹදී සංවිධාන කර තිබු මාධ්‍ය හමුවට එක්වෙමින් මන්ත්‍රීවරයා මේබව ප්‍රකාශ කළේය.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් වන බවත් ඉන් ජය ගන්නා බවත් එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් පුද්ගලයින් විසින් ප්‍රකාශ කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසීය.

“ඉන් පසු සජිත් ආර්ථිකය සෙලවෙන ප්‍රකාශයක් කළා. සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා පසුගිය සතියේ කර තිබූ ප්‍රකාශය. මේ ප්‍රකාශය ලඝුකොට තකන්න බැහැ. මහින්ද ත්‍රස්තවාදය අවසන් කිරීමෙන් පසු. රටම වැඩබිමක් බවට පත්වුණා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාව උසස් කළා. සජිත් කවදා හෝ ජනපති වුණොත්. ඔහුට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩකරන්න වෙනවා. මම එතුමාට අභියෝග කරනවා. සංඛ්‍යාලේඛන ජිල්මාට් බව ඔප්පු කළොත්
ඒ සඳහා සතියක කාලයක් දෙනවා. ඔප්පු කළොත් මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වෙනවා. ආර්ථික පර්යේෂණ ඒකකය වසා දමනවා“
 







Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'