Logo
2019 සැප්තැම්බර් මස 23 වැනි සඳුදා

රටම අරාජික වෙද්දී සිරිසේන තජිකිස්ථානයට



තෙදින සංචාරයක් ආරම්භ කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෙට (13) තජිකිස්ථානය බලා පිටත්ව යාමට නියමිතව ඇත.

තජිකිස්ථානයේ දුශාන්බේහි පැවැත්වෙන ආසියානු අන්තර් ක්‍රියාකාරකම් හා විශ්වාසය ගොඩනැගීමේ ක්‍රියාමාර්ග පිළිබඳ සම්මේලනයේ පස්වන සැසිවාරයට සහභාගී වීම සඳහා ජනාධිපතිවරයා මෙලෙස දිවයිනෙන් පිටත්ව යන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

මෙම සංචාරය අතරතුරදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රාජ්‍ය නායකයින් කිහිපදෙනෙකු සමඟ ද්වීපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට ද සැලසුම් කර ඇති බව සඳහන්ය.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'