Logo

රොටඩෑම් විවෘත ටෙනිස් තරගාවලියේ මීළඟ වටයට ඩමීර් සුදුසුකම් ලබයි



රොටඩෑම් විවෘත ටෙනිස් තරගාවලියේ මීළඟ වටය සඳහා සුදුසුකම් ලබා ගැනිමට බොස්නියාවේ ඩමීර් ඩුම්හූර් සමත් විය.

ඒ ග්‍රීසියේ ස්ටෙෆානොස් ට්ස්සිපාස් පරාජයට පත් කරමින්.

ඉතා උණුසුම් ආකාරයෙන් ආරම්භ වු තරගයේ පළමු වටය ඉතා උණුසුම් මුහුණුවරක් ගත්තේය.

ඒ අනුව එම වටය ලකුණු 6ට 4ක් ලෙස ජය ගත්තේ ඩමීර් ඩුම්හූර් විසින්.

අනතුරුව ආරම්භ වු තරගයේ දෙවන වටය ඉතා පහසුවෙන් ලකුණු 6ට 1ක් ලෙස ජය ගැනීමට ස්ටෙෆානොස් ට්ස්සිපාස්  සමත් විය.

තීරණාත්මක තුන්වන සහ අවසන් වටය ප්‍රබල සටනකින් පසු ලකුණු 7ට 5ක් ලෙස ඩමීර් ඩුම්හූර් ජය ගත්තේය.

ඒ අනුව තරගය තරග වටය 2ට 1ක් ලෙස ජය ගත් ඩමීර් ඩුම්හූර් මීළඟ වටය සඳහා සුදුසුකම් ලබා ගත්තේය.

ඩමීර් ඩුම්හූර් ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරීමේ සටහනේ 56 වන ස්ථානයේ පසුවන අතර ඔහු හමුවේ පරාජය වු ස්ටෙෆානොස් ට්ස්සිපාස් එම ශ්‍රේණිගත කිරීමේ සටහනේ පසු වන්නේ 12 වන ස්ථානයේයි.

දැන්වීම්
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 20371403
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 19626609
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 15779897
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 15638724
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 15560846
Copyright © 2014 - 2019 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'