Logo
2019 අගොස්තු මස 23 වැනි සිකුරාදා

කොරියානු මුද්දර කෞතුකාගාරයක්



කොරියානු මුද්දර කෞතුකාගාරය පසුගියදා උතුරු කොරියාවේ පියොන්ග්යැන්ග් අගනුවරදී විවෘත කෙරුණි.

ඒ වසරක කාලයක් පුරාවට සිදුකෙරුණු ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් වීමෙන් පසුවයි.

2012 වසරේ අප්‍රේල් මාසයේදී ඉදිකිරීම් අවසන් කර විවෘත කළ කෞතුකාගාරය ප්‍රතිසංස්කරණ  කටයුතු සදහා වසා දැමුණි.

උතුරු කොරියාව බිහිවීමෙන් 70 වසරක් සමරමින් 2018 වසරෙදී පැවැති උත්සව සමය අතරතුර එය විවෘත කර නැවතත් වසා දැමුණි.

මේ වන විට එම කෞතුකාගාරය මහජනතාව වෙනුවෙන් නැවතත් විවෘත කර තිබේ.

වසර 70 ඉතිහාසය පුරාවට උතුරු කොරියාව රාජ්‍යයක් ලෙසින් අත්පත් කරගත් ජයග්‍රහණ අඩංගු සමරු මුද්දර, ලියුම් කවර සහ තැපැල් පත් 6000කට අධික ප්‍රමාණයක් එහි තැන්පත් කර තිබේ.

මෙම මුද්දර මඟින් උතුරු කොරියාවේ සංවර්ධන වැඩසටහන් පිළිබදවද සඳහන් වෙයි.

මේ අතර අවශ්‍ය නම් කෞතුකාගාරයෙන් මුද්දර මිලදී ගැනිමේ අවස්ථාවද එහි පැමිණෙන සංචාරයකයන්ට අවස්ථාව ලබාදී තිබේ.

ඒ අනුව ඩොලර් 0.4 සිට ඩොලර් 15 දක්වා මිලකට මුද්දර මිලදී ගත හැකිබවත් මේ වාර්තාවල  වැඩිදුරටත් සඳහන් වෙයි.

උතුරු කොරියාව කලක් සැලකුණේ ලෝකයේ හිතුවක්කාරයා ලෙසයි.

කෙසේ නමුත් 2018 වසරෙන් අනතුරුව දකුණු කොරියාව, අමෙරිකාව ඇතුලු පිටස්තර රටවල්  සමගින් මිතුදම් පැවැත්වීමට මේවනවිට උතුරු කොරියානු නායක කිම් යොන්ග් උන් කටයුතු කරමින් සිටියි.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'