Logo

සද්ධන්තයන් තිදෙනෙක් යකඩ යකාට බිළි



වන අලින් තිදෙනෙකු දුම්රියක ගැටීම හේතුවෙන් පොළොන්නරුව මඩකලපුව මාර්ගයේ දුම්රිය ධාවනය අත්හිටුවා තිබේ.

දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ වැලිකන්ද සහ පුනානි අතර දුම්රිය මාර්ගයේ දී ඊයේ රාත්‍රී  9.50ට පමණ වන අලින් තිදෙනා දුම්රියේ ගැටී ඇති බවයි.

මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබු නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියේ වැලිකන්ද නාමල්ගම ප්‍රදේශයේදී මෙම වන අලීන් තිදෙනා ගැටී ඇති බව වාර්තාවේ.

මේ හේතුවෙන් වන අලින් ජීවිතක්ෂයට පත්ව ඇත.

අනතුරින් දුම්රියේ මැදිරි 3ක් පීලි පැන ඇති අතර දුම්රිය මාර්ගයට ද දැඩි හානි සිදුව ඇති බව අප වාර්තාකරු සඳහන් කළේය.

කෙසේ වෙතත් අද දෙරණ වාර්තාකරු පැවසුවේ අදාළ අනතුර සිදු වු ස්ථානය අසළ අලිමංකඩක් තිබෙන බවට දැන්වීම් පුවරුවක්ද තිබෙන බවයි.

මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වූ දුම්රිය එම අනතුරට මුහුණ දී ඇති අතර දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කිරීම සඳහා විශේෂ කණ්ඩායමක් පිටත් කර යවා තිබෙන බව දුම්රිය පාලක මැදිරිය සදහන් කළේය.

දැන්වීම්
උතුරේ ගොවියා බල ගැන්විය හැකි මිදි වගාව අරඹමු
- ඉන්දික කුමාර
2019-02-19 09:52:51 - 55
කැපුම් මල් කලාවේ ධනවතුන්
- ඉන්දික කුමාර
2019-02-14 21:20:52 - 690
ඇන්තූරියම් වගාවකින් ගුණාත්මක මල් ලබාගනිමු
- ඉන්දික කුමාර
2019-02-14 20:04:06 - 393
මහින්ද..! මේ අවසන් සටනයි..!
- අරුණ වාසලමුදලි
2018-11-15 23:09:48 - 310523
ජ වි පෙ රැවටිල්ල
- නලින් ද සිල්වා
2018-10-24 22:15:48 - 467501
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 19426746
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 18639510
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 14807220
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 14709646
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 14600824
Copyright © 2014 - 2019 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'