Logo

ආණ්ඩුව පෙරළීමේ ඩිලාන්ගේ සැළසුම



ආණ්ඩුවෙන් ඉවත් වුහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අගමැති කෙනෙක් යටතේ පහිටුවන නව ආණ්ඩුවට එක්සත් ජාතික පෙරමුණේ පිරිසක් එකතුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රි ඩිලාන් පෙරේරා මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් පිටතට ඇවිත්  අලුත් අගමැති කෙනෙක් සමඟ අලුත් ආණ්ඩුවක් පිහිටුවනවා නම් ඒ සමඟ  පෙළගැසෙන්න එක්සත් ජාතික පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඇතුලු එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රිවරු පිරිසක්  බලාපොරොත්තුවෙන් සිටින බව ඔවුන්ගේ ප්‍රකාශවලින් පැහැදිලි වන්නේ යැයි  ඩිලාන් පෙරේරා මන්ත්‍රිවරයා ප්‍රකාශ කළේය.

මන්ත්‍රිවරයා මේ බව පැවසුවේ හාලිඇල ඉඹුල්ගොඩ දි අද (06)පැවැති ජනහමුවක් අමතමින්ය.

තමා සඳහන් කළ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පසුගියදා අගමැති වරයාට විරුද්ධව ඉදිරිපත්වු විශ්වාස භංග යෝජනාවේදී ඊට පක්ෂය ජන්දය දීමට සූදානමින් සිටි යෙක් බවටද ඩිලාන් පෙරේරා මහතා ඉගියක් පළකළේය.

මේ දිනවල යන යන තැන්වල මාධ්‍යවේදීන් ප්‍රකාශ ඉල්ලන බවත් එයින් ආණ්ඩු පෙරළීමට නොහැකි බවත් මන්ත්‍රිවරයා පැවසීය.

එය සිදු කළ හැක්කේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින ආකාරයට බව යැයි ඒ මහතා ප්‍රකාශ කළේය.

එහි 13 වන සංශෝධන ය අනුව කැබිනට් මණ්ඩලයේ සිටිය හැක්කේ 30 දෙනෙකුට පමණක් වුවත් මේ වන විට කැබිනට් මණ්ඩලයේ  45 දෙනෙකු සිටින්නේ ප්‍රධාන පක්ෂ දෙක එකතු වු නිසා බවත් ඔහු පැවසීය .

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනෙක් පිරිසද කම කණ්ඩායම සේ  ආණ්ඩුවෙන් ඉවත් වුවහොත් , ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අලුත් අගමැති  වරයෙක්  පත් කිරිමට ජනාධිපතිවරයාට අවස්තාව තිබේන බවද ඔහු පැවසීය.

එසේ වුවහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අගමැති කෙනෙක් සමඟ අලුත් ආණ්ඩුවක් සැදීමට හැකි බව  මන්ත්‍රිවරයා පැවසීය.
 

දැන්වීම්
ජවිපෙ - ගමනක අග
- පැතුම් රණසිංහ
2018-10-14 04:06:22 - 1283
මා නොවන මම
- නලින් ද සිල්වා
2018-10-06 04:11:05 - 20851
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 284130
තර්ජනී නාමල් හා මෛත්‍රිපාල
- නලින් ද සිල්වා
2018-09-11 04:39:27 - 319680
මනුෂ්‍යත්වයට ආගම හරස් නොවූ ‘‘තම්බියා‘‘
- ඉන්දික කුමාර
2018-06-01 17:35:14 - 581270
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 15980950
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 15866133
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 13308727
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 13254106
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 13113516
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'