Logo

රෝසි කොළඹ කුණු ගඳ ගැස්වීමට සැරසෙයි



කොළඹ නගර සීමාවේ කැළි කසල එක් රැස් කිරිම හෙට සිට නතර කිරිමට  සිදුවනු ඇතැයි ,කොළඹ පුරපතිනි රෝසි සේනානායක මහත්මිය පවසයි.

අද (06) මාධ්‍ය හමුවක් පවත්වමින් පුරපතිනිය සඳහන් කළේ ඉඩම් ගොඩකිරිමේ සහ සංවර්ධනය කිරිමේ සංස්ථාව විසින් කසල භාර නොගැනීම  නිසා මෙවන් තත්ත්වයක් උද්ගතව ඇති බවයි.

 කොළඹ නගර සීමාවේ එක් රැස්වන කැළි කසල , ඉඩම් ගොඩකිරිමේ සහ සංවර්ධනය කිරිමේ සංස්ථාවට අයත් කෙරවලපිටිය කසල අංගනය වෙත බැහැර කෙරුණු අතර හිඟ මුදලක් නොගෙවී‍ම හේතුවෙන් අද සිට ඔවුන් කසල භාර ගැනිම නවතා දමා තිබේ.

මේ හේතුවෙන් කොළඹ නගර සීමාවේ කසල රැගත් ලොරි රථ කෙරවලපිටිය කසල අංගනයට පිවිසෙන මාර්ගය දෙපස නවතා තිබුණි.

ඒ අනුව කොළඹ නගරයේ කැලි කසල එක්රැස් වුවහොත් නගරය පුරා වසංගත රෝග පැතිරයාමේ අවධානමක් මතුවිය හැකි බව කොළඹ පුරපතිනි රෝසි සේනානායක මහත්මිය අද මාධ්‍ය හමුවක් පවත්වමින් අනතුරු ඇඟවීමක් සිදුකළේය.



දැන්වීම්
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 20328820
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 19580911
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 15741076
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 15599779
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 15521549
Copyright © 2014 - 2019 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'