Logo

කිරිබත්ගොඩ හිමි දිව්‍ය ලෝකවලට ටිකට් කඩන කොන්දොස්තරයෙක්...........-සිරි සමන්ත භද්‍ර



ලෝකය තුළ අධර්මය පැතිරෙන්නේ අධර්මයේ බලයක් නිසාවෙන් නොව සද්ධර්මය දන්නා මුනිවරුන්ගේ නිහඬතාව නිසාවෙනි. මුනිවරුන්ගේ නිහඬතාව බිඳ මෙසේ ලියමි. පසුගිය ඉරු දින (18.09.16) දිවයින පුවත්පතෙහි පළ වූ ලිපියේ, කිරිබත්ගොඩ ඤාණානන්ද හිමිගේ ලිපියේ මාතෘකාව මෙසේ ලියා තිබුණි. ”මාගේ මේ ව්‍යායාමය හොර රහතුන්ගේ සළුපිළි ගැළවීමටයි. මේ දිනවල බොහෝ මහමෙවුනා භාවනා අසපු තුළ ඇති නිරුවත් බිතු සිතුවම් අන්තර්ජාලය තුළ සංසරණය වෙමින් පවතී. එබැවින් ඤාණානන්ද හිමි පළමුව කළ යුතු වන්නේ රහතුන්ගෙන් ගලවා ගත් සළුපිළි එම නිරුවත් චිත‍්‍ර වලට ඇන්දවීම නොවේද?

කාලය බොහෝ ගැටලූ වලට පිළිතුරු සපයා ඇත. මහමෙවුනා භාවනා අසපුවල ආරම්භයත් සමඟ කාලයක් මෙදෙස බලා සිටි මධ්‍යස්ථ, බුද්ධිමත් මිනිසුන්ට වැටහෙන කරුණ වන්නේ, ඤාණානන්ද ඔබ ලොකු බොරුවක් සිදු කරනා බවය. පන්සල විවේචනය කොට අසපුව නිර්මාණය කොට, වන්දනා පුද පූජා යම්තාක් දුරකට ප‍්‍රතික්ෂේප කළ ඔබ, අද පන්සලත් අසපුවත් එකක් යනුවෙන් පවසයි. වන්දනා ක‍්‍රමයන් පවා යාතිකා, ගීතිකා හා භජන් දක්වා සංවර්ධනය කොට ඇත. චතුරාර්ය සත්‍යම අවබෝධ කොට ගත යුතුයි යන මතයේ සිට වරු ගණන් කයිවාරු ගැසූ, ”ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේ” සහ ”කවුද ඔයාලට මේ තරම් බොරු කිව්වේ” යනුවෙන් මේ භවයේම නිවන් දකින්නට පොත් ලියූ ඔබ අද දිව්‍ය ලෝක වලට ටිකට් කඩන මන්ද මානසික කොන්දොත්තර කෙනෙක්ය. කලකදී සෝතාපන්න වන ඔබට, කලකදී එය වැරදීමකි. කාලයෙන් කාලයට සිය මතය වෙනස් කරන්නා, කොන්දක් නැති ඍජු ප‍්‍රතිපත්තියක් නොමැති අධමයෙකි. එවැනි මිනිසෙකු පසු පස යන අන්ධ භක්තිකයන් ගැන කවර උපමාද ?

 

මා දරන මතය සම්බන්ධව තැන තැන කතන්දර කියා, මා හා මුහුණට මුහුණ සාකච්ඡුාවට කතා කළ විට, එම කතා කියූ කිසිම ගිහි – පැවිදි පුද්ගලයෙකු පැමිණියේ නැත. එම රැලට අලූතෙන් එකතු වූයේ කිරිබත්ගොඩ හිමියන්ය. සැබවින්ම කෙනෙකු රහත් හෝ නොරහත් බව තීරණය කළ යුත්තේ සාකච්ඡුාවෙනි. තැන තැන අදහස් දැක්වීම නිවට නියාලූ ගතියකි. සැබවින්ම සත් පුරුෂයන් කළ යුතු වන්නේ අධර්මය ඉදිරියට ගොස් ධර්මය පෙන්වා දීමය. එසේ නොකරන්නේ වෙන අන් කරුණක් නිසා නොව ජ්‍යොතීර්වේදී ඉන්දික තොටවත්තයන් පවසන්නා සේ මහමෙව්නාව යනු සමූහ ව්‍යාපාරයක් නිසාවෙනි. එහි සභාපති තනතුර හොබවමින් ඔබ මේ කරන්නේ මිනිසුන්ට කතෝලික අන්ධ භක්තියක් සදා මිනිසුන් නොමඟ යැවීමය.

මා දේශනා කොට වදාරන ධර්මයේ, දර්ශනයේ අඩුවක් පෙන්වීමට සමත් කිසිවෙකු නොමැත. කිරිබත්ගොඩ හිමිද අනෙක් අය මෙන් එහෙන් මෙහෙන් අල්ලා ගත් ඕපා දූප කියමින් හූ තියනවා මිස අප දර්ශනය ඛණ්ඩනය කිරීම තියා දර්ශනය ගැන යම් සඳහනක්වත් සිදු කර නොමැත. iri sadaham ashramya ලෙස youtube facebook තුළ සටහන් කොට මා සිදු කර ඇති සියයකට අධික දේශනාවලට සවන් දිය හැක. ඔබට හැකි නම් මෙම දේශනාවන්හි අඩුපාඩුවක් පෙන්වා සංවාදයකට පැමිණෙන්න. කළ යුත්ත එයයි. එසේ නොමැතිව මා ගැන ඕපා දූප සොයා වේදිකාවන් තනාගෙන කයිවාරු ගැසීම නොවේ. බුද්ධිමත් මිනිසුන් මහමෙව්නාව ප‍්‍රතික්ෂේප කොට අවසානය. අප ප‍්‍රයෝගිකව සාක්ෂාත් කළ යමක් ඇත. අප එය ඉතා විවෘතව හා පැහැදිලිව ඉදිරිපත් කළා. එය බුද්ධිමත් ජනතාව වැළඳ ගෙන අවසානය. ඔබ වැනි භික්ෂුවකට සමන්තභද්‍ර ඉදිරියේ පෙනී සිටිය නොහැක. මන්දයත් ඔබ දරන මතය ගැන ඔබට ආත්ම විශ්වාසයක් නැත. එවැනි ගුරෙකු පසු පස යන ප‍්‍රඥාවක් නොමැති ශ‍්‍රාවක රැල ගොම තලියක් වටා රැස් වුන නිලමැස්සන් මෙන්ය. ස්ථීර මතයක් නොමැති පුද්ගලයෙකු හට කඬේ යන්නේ දාර්ශනික අසරණ භාවයකින් පෙළෙන මිනිසුන්ය.

 

අවුස්සා බලා රහත් බව සොයන ක‍්‍රමයක් බුදු දහමේ නොමැත. අප දන්නා ක‍්‍රමය වන්නේ සාකච්ඡුාය භික්ඛවේ පඤ්ඤාය වේදී තබ්බං. සාකච්ඡුා කොට, ඇසුරු කොට කෙනෙකු රහත් ද නැද්ද යන්න තීරණය කළ යුතුය. 2011 වසරේ සිට සසුන විකුණන් කන ඔබ වැනි හොරු වෙනුවෙන් මා ඇවිස්සී පර මත ඛණ්ඩනය කිරීමට ඕනෑම වෙලාවක සූදානමින් සිටි. මා ඇවිස්සී සිටින්නේ බුද්ධ ආඥාව පිහිටුවීම සඳහාය. මා ඇවිස්සී සිටින්නේ පර මත විනාශ කොට සිංහ නාද කිරීමටය, මා ඇවිස්සී සිටින්නේ සද්ධර්මය ව්‍යාප්ත කිරීම වෙනුවෙන්ය. මා ඇවිස්සී සිටින්නේ ඔබ වැනි ආගම ජාතිය විනාස කරන පරයන් පරසක්වල ගැසීම වෙනුවෙන්ය. මා ඇවිස්සී සිටින්නේ ඔබේ සාමුහික ආගමික ව්‍යාපාරයේ නිරුවත එළි කිරීමටය. මා දේශනා කරන නිවන් මෙඟහි අඩුවක් ඇත්නම් මා හා ප‍්‍රසිද්ධ සංවාදයකට පැමිණෙන ලෙස විවෘත අභියෝගයක් ඉදිරිපත් කර ඇති බවක් නොදැන ලඔබ මේ කටමැත දොඩවන්නේ? ඔබ දැනගත යුතු ප‍්‍රධානම දෙය නම් අප මතය වැරදියි කියූ මහා නායක අනු නායක සිට මහාචාර්ය ආචාර්ය දක්වා ඕනෑම කෙනෙකුට අප මතය සහේතුකව සකාරණව, ධර්මානු ධර්ම ප‍්‍රතිපන්නව, තාර්කිකව, ත‍්‍රිපිටක කරුණු කාරණා ගෙන හැර දක්වමින් අප මතය සනාථ කොට ඇත.

අනික ග‍්‍රාමවාසී භික්ෂූන්ට අමුතුවෙන් ඇවිස්සෙන්නට දෙයක් නොමැත. අසපුවාසි භික්ෂූන් ඇවිස්සුනු විට සියලූ කුණු එලියට පැමිණේ. එය දැන් සිදුව ඇත. වේගයෙන් එන කෝච්චියේ ඉදිරියට වීරයා මෙන් පැන කෝච්චිය ළංවෙනකොට ”පණ එපෝ” යනුවෙන් කෑ ගසා නොදුවන්න. මා දේශනා කරන නිවන් මඟ හෝ යම් ධර්ම කරුණක් වැරදියි යැයි කියන්නට සමත් වූවෙක් නොමැති බව මුළු ලංකාවම ඉතා හොඳින් දන්නා කාරණාවකි. තව ද මාගේ විවෘත අභියෝගය භාර ගන්නට සමත් වූවෙක්ද නැත. අනික් කරුණ නම් වාදයෙදී මා ප‍්‍රතිවාදියා හප කර මිස පසු නොබසින බවද ප‍්‍රසිද්ධ කරුණකි. එය නොදැනද අවුස්සලා බලන්න ආවේ? අනික මොන වල් ඌරද සිංහ ගුහාව ඉදිරිපිටින් යන විට තප්පුලන්නේ. එවිට සිංහයා වල් ඌරගෙ මස් රස කරනවා නියතය. දැන් සිදු වී ඇත්තේ එයය. දැන්වත් පාඩමක් ඉගෙන ගෙන තමන්ගේ වැටී ඇති සළුපිළි ඇඳ ගත්තානම් හොඳය. අනික් අයගේ රහත් බව අවුස්සන්න පෙර අඩුම තරමේ තමන් සෝතාපන්න වන ක‍්‍රමය වත් සොයා බැලීම වටී. තමන්ගේ අඩු පාඩු දහසක් තබා ගෙන අනුන්ගේ රහත් නොරහත් බව ඔප්පු කිරීමට යෑමෙන් සිදු වන්නේ තමන්ගේ ඇඳුම් ගැල වී යෑමය. එය දැන් සිදුව ඇත. ඤාණානන්ද හිමි දැන් රජ ඇඳුම් ඇන්දත් සමාජය ඉදිරියේ ඔබ නිරුවත් වූ භික්ෂුවකි. එය ඔබගේ ආගමික පසුබිම යටතේ පැවසුව හොත්, තමන්ගේ ඇහේ පොල් පරාල තබාගෙන අන් අයගේ ඇස් වල ඇති පොල් කෙඳි අයින් කරනවා වැනිය. ඔබ දාර්ශනිකව පරාජ වී අවසන්ය. ඉහත සඳහන් කළ ජ්‍යොතීර්වේදියා මධ්‍යස්ථව පැහැදිලිව කළ වීඩියෝවේ සඳහන් පරිදි ඔබ අසුන්ගත යුත්තේ සාත්තරකාරයන් සහ කට්ටඩියන් සමඟය. ඔබ දැනටමත් ඉතිහාසයේ කුණු බක්කියට එකතු වීමට පටන් ගෙන තිබේ.

ඤාණානන්ද හිමිගේ ඔබේ අසපු සම්ප‍්‍රදාය වේගයෙන් මිනිසුන් ප‍්‍රතික්ෂේප කරන්නට පටන් ගෙන තිබෙනවා. එම යාතිකා ක‍්‍රමයන්, බොරු පාට පාට ධාතු ව්‍යාපාරය, නිරර්ථක ආමිස පූජාවන්, බොරු අමනුෂ්‍ය බලපෑම් ගැන මිනිසුන් බිය වැද්දවීම සහ සිදු කරන නොයෙකුත් විප‍්‍රකාර වැඩ, බුද්ධිමත් මහ ජනතාවගේ විවේචනයට ලක්ව ඇත. විශේෂයෙන් වන්දනා ක‍්‍රමයන් තුළ ඉතා පහත් ලෙස ක‍්‍රිස්තියානි ගීතිකා ආභාසය යොදා ගෙන ඇත. මුලින් නිවන් දැක්කා කිව්වා ඉන් අනතුරුව නැහැ කිව්වා, අන්තිමට බැහැ කිව්වා. මෙවැනි මත පෙරළියක් මුල සිට මේ දක්වා සිදුව ඇත. හොඳම කතාව වන්නේ 2008 වසරේදී 2012 දී ලෝක විනාශය සිදු වන බව පැවසීමයි. මෙවැනි කලින් කලට වෙනස් වන මතයන් අන්ධ භක්තියකින් ඔතා සිය මෝඩ ශ‍්‍රාවකයන් අතට ලබා දෙයි. ඔවුන් ඒවා හිස මත මහා උජාරුවෙන් රැගෙන යති.

 

අලූත්ම කතාව තමයි අන්තර්ජාලය ඔස්සේ අමනුෂ්‍යන් ඇතුළු වන බව. ශිව දිෂ්ටි, කාලි දිෂ්ටි මෙලෙස අන්තර්ජාලය ඔස්සේ අනුගාමියන් වෙත ඇතුළු වී ඇත. ගුද මාර්ගය හරහා ඇතුළු වන බවද පවසයි. මෙවැනි ගොන් කතා සමාජ ගත කොට ගෙන දැන් ඒවා ඔබේ හිස මතම වැටී ඇත. මෙවැනි සමාජීය විවේචනයන් හමුවේ පසුගිය ලිපියේ පන්සල් හා අසපු එකක් වී ඇත. ඔබ ශ‍්‍රද්ධාව යනුවෙන් අන්ධ භක්තියක් මවා මිනිසුන් මුළා කරමින් සිටි. මහමෙව්නාව සමූහ ව්‍යාපාරයම මෙලෙස බැලූ කල බොරු ගුහාවකි.

ඔබ, මා විසින්ම මාගේ පිළිමයක් තනාගෙන එයට වන්දනාමාන කරනවා යැයි පවසයි. තමන්ගේ පිළිමයකට තමන්ම වැඳ ගන්නවා නම් ඔහු ඔල්මාද කාරයෙකි. එසේ වඳිනවා යැයි පෙනෙන්නේ බූරුවන්ටය. මම පිළිමය ළඟින් ගිය නිසාවෙන් හෝ එය විවෘත කළ නිසාවෙන් හෝ එය වන්දනා කළා යැයි පැවසීම ගොන් කතාවකි. එක එක පිස්සන් පෙන්වන පින්තූර හරි හැටි නොබලා සත්‍ය අසත්‍ය නොබලා කටයුතු කොට මෙවැනි දෑ ප‍්‍රසිද්ධ පුවත්පත් වලට අදහස් දැක්වීම ගැන එක අතකින් පුදුම විය යුතු නැත. මන්දයත් ඔබ 2012 ලෝක විනාශය වන බව කියූ සාත්තරකාරයෙකි. තවද දුරටත් පැහැදිලිව කිවතොත් සතර වරම් දෙවිවරු ඇඟට ආරූඪ වන කොල්ලා කියන දේ අසා ළඟ සිටින භික්ෂූන් වහන්සේ එලවා දමන ඔබ ගැන කවර කතාද? මෙයත් එම කොල්ලාගෙන් අසා දැනගන්නට ඇත. මෙවැනි විකාර කතාවක් කියූ එකා මොක කිව්වත් එය සිහි බුද්ධියෙන් ඇසූ විට ගන්නට දෙයක් නොමැත. මාගේ ශ‍්‍රාවකයන් මාගේ පිළිමයක් තනා පුද සත්කාර කරති. එය එක එක්කෙනාගේ පින මත තීරණය වන්නකි.

පසුගිය ලිපියෙහි මේ කාලයේ රහතන්වහන්සේ නැති බව ඔබට ස්ථීර වශයෙන්ම කිව හැකි බව සඳහන්ය. ඔබට හිටි හැටියේ සර්වඥතා ඥානය පහළ වූවා සේ කතා කියව කියවා යයි. 2008 දී ලෝක විනාසය ගැන ගොන් කතාවක් කීවා සේ දැන් රහතුන් නැහැ යනුවෙන් ස්ථීරවම පවසයි. පුද්ගලයන් පිළිබඳව තනි තනිව හෝ සමස්ත ලෝකය පිළිබඳව ගවේෂණය නොකොට මෙලෙස පවසන්නේ දෙවියන් වහන්සේගෙන් අසාද? මෙවැනි මෝඩ කතා කලින් කලට කීම ඔබේ සිරිතකි. මහා පරිනිබ්බාන සූත‍්‍රයට අනුව සඳහන්ව ඇත්තේ ”ඉමේච සුභද්‍ර භික්ඛු සම්මා විහරෙයියුන් අසුඤ්ඤෝ ලෝකේ අරහතේහි අස්ස.” යම් තාක් භික්ෂුව යහපත් ප‍්‍රතිපත්ති තුළ සිටින තාක් නිවන් මඟ වඩන තාක් ලෝකය රහතුන්ගෙන් හිස් නොවන බවය. මහා සතිපට්ඨාන සූත‍්‍රයට අනුව සඳහන්ව ඇත්තේ අවම සත් දිනක් යම් භික්ෂුවක් සතර සතිපට්ඨානය වැඩුව හොත් අවමය අනාගාමී වන බවය. ඒ අනුව බලන කල ඔබට දැන් බුදු දහම මළ දහමකි. මෙයින් පෙනී යන්නේ ඔබේ ආයුෂ ද ඉවර වී ඇති බවය. අනික් කරුණ නම් මඟ පල ලබන්නට, රහත් වන්නට නොහැකි මේ සසුනෙහි ඔබ චිවරය දමා සිටීමෙන් ඇති ඵලය කිම? අනික් කරුණු කාරණා කෙසේ වෙතත් එය ඔබ ඔබටම කර ගන්නා හානියකි. ඔබ සසුන්ගත වූ සබ්බ දුක්ඛ නිස්සරණ, නිබ්බාණ සච්චිකරණ එනම් සියලූ දුක් නසා නිර්වාණය අවබෝධ කරගන්නවා යන උතුම් වැකිය ඔබටත් ඔබේ ගෝලයන්ටත් වලංගු නැත.

වසර 5000 ක් යන තුරු සාසනය පවතින බව සඳහන් කරයි. ත‍්‍රිපිටකයේ එවැනි සඳහනක් නොමැත. බුදුන්වහන්සේ මෙලෙස වදාරා ඇත. ”ආනන්ද මාගම සාසනයේ පැවදි වුව හොත් දාහක් තිබෙන සාසනය 500 වනවා” එය වඩා පැහැදිලිව උදාහරණයකින් පැවසුවහොත් මම තවත් භික්ෂූන් වහන්සේ නමක් සමඟ යම් කතාවක් කරමින් සිටින විට, මම කියනවා කිරිබත්ගොඩ හිමි තව අවුරුදු 25 ක් සාසනයේ හිටියොත් 2500 ක් තිබෙන සාසනය 250 ඉවර වෙනවා කියලා. බුදුන්වහන්සේ පැහැදිලි කළෙත් එවැනිම උපමවාක් මිසක් මෙහි උන්වහන්සේ කිසිම නිශ්චිත ගණනක් සාසනය පවතිනවා කියලා සඳහන් කරන්නේ නැහැ. අනික ඔය කියන කරුණු කාරණා අනුව අනුරාධපුරයේ හා පොලොන්නරුව යුග වල රහතන්වහන්සේ වැඩ සිට නොමැත. වැඩි දුර යා යුතු නොමැත මලියදේව හිමිත් රහත් වී නොමැත. මේ වන විට නැවත ලොකු සාසනික අර්බුදයක් නිර්මාණය කොට ඇත. මතය කලින් කලට වෙනස් වීම මෙමඟින්ද පැහැදිලි වේ.

වසර 500 ක් සාසනය පැවතීමෙන් පසුව භික්ෂූන්ට රහත් වීමට මාරයා ඉඩ දෙන්නේ නැතිලූ. ඇත්තටම ඔබේ වැඩපිළිවෙළෙහි මාරයා ඔබමය. ඔබේ ගෝලයන්ගේ මාරයා ඔබමය. නොයෙකුත් විකාර පූජාවන් පවත්වමින් අනෙකුත් හිමිවරුන්ගේ පොත් පත් ආදිය බලන්නට ඉඩ නොදී තමා වගේම කතා බහ කරන, තමා වගේම ඇවිදින, බණ කියන ගෝලයෝ රොත්තක් බිහි කර ඇත්තේ ඔබය. ඔවුන්ට නිදහසේ හිතන්නට ඉඩ නොදී දහම් මඟ සොයන්නට ඉඩ නොදී තම මතයම තම අභිප‍්‍රායම ඉටු කර ගනිමින් මාරයා ලෙස හැසිරෙන්නේ ඔබය. මාරයාට බලය ඇත්තේ සත්‍යයේ බලය නැති වුණ දවසටය. ලෝකයේ හැමදාම සත්‍ය දිනනවා. එසේ සත්‍ය දිනන නිසා ලෝකයේ කලින් කලට රහතුන්, බුදුවරු පහළ වේ. අපේ ආගම මළ දහමක් නොව සජීවී දහමකි.

පසුගිය ලිපිය පිළිබඳව තවත් විවේචන රාශියක් ඇතත්, මෙම ලිපිය දීර්ඝ වන බැවින් සහ ඔබ හා මුහුණට මුහුණ ලා සාකච්ඡුා කිරීමට බැරි හෙයින් මෙසේ හෝ පුවත්පත් හරහා සිදු කරන කෙඳිරි ගෑම් වලට ඉදිරියටත් විවේචනාත්මක පිළිතුරු දෙන අදහසින් නවතිමි.

සිරි සමන්තභද්‍ර ස්වාමීන්වහන්සේ
– divaina

දැන්වීම්
ජවිපෙ - ගමනක අග
- පැතුම් රණසිංහ
2018-10-14 04:06:22 - 1283
මා නොවන මම
- නලින් ද සිල්වා
2018-10-06 04:11:05 - 20656
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 283694
තර්ජනී නාමල් හා මෛත්‍රිපාල
- නලින් ද සිල්වා
2018-09-11 04:39:27 - 319155
මනුෂ්‍යත්වයට ආගම හරස් නොවූ ‘‘තම්බියා‘‘
- ඉන්දික කුමාර
2018-06-01 17:35:14 - 580785
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 15980551
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 15865761
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 13308356
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 13253700
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 13113026
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'