Logo
2019 දෙසැම්බර් මස 15 වැනි ඉරිදා

රුහුණු විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු හෙට ආරම්භ වේ

සිසුන්ගේ ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් හේතුවෙන් වසා දැමුණු රුහුණු විශ්වවිද්‍යාලයේ පීඨ 4ක අධ්‍යයන කටයුතු යළි හෙට(23) ආරම්භ කෙරෙන බව එහි උපකුලපති මහාචාර්ය ගාමිණී සේනානාක මහතා පවසා සිටී.

එබැවින් එම පීඨවල නේවාසිකාගාර හිමි ශිෂ්‍ය ශිෂ්‍යාවන් සිය නේවාසිකාගාර වෙත වාර්තා කරන ලෙස උපකුලපතිවරයා දන්වා සිටී. ඒ අනුව මානව ශාස්ත්‍ර සහ සමාජ විද්‍යා, කළමනාකරණ සහ මූල්‍ය, විද්‍යා, ධීවර සහ සාගර විද්‍යා සහ තාක්ෂණ පීඨවල අධ්‍යයන කටයුතු හෙට සිට ආරම්භ කෙරෙනු ඇත.





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'