Logo

මුලතිව් දිස්ත්‍රික් ලේකම්වරයා වැලිඔය ජානකපුර සහ කල්‍යාණපුර පාරම්පරික සිංහල ගම්මානවල ගොවි පවුල් 450ක් එළවා දමයි



මුලතිව් දිස්ත්‍රික් ලේකම්වරයා වැලිඔය ජානකපුර සහ කල්‍යාණපුර පාරම්පරික සිංහල ගම්මානවල ගොවි පවුල් 450ක් එළවා දැමීමට පියවර ගැනීම අප වටහාගත යුත්තේ ‘සහජීවනය’ ලෙසදැයි ජාතික නිදහස් පෙරමුණ ආණ්ඩුවෙන් ප්‍රශ්නකර සිටියි.

අද (19) බොරැල්ල එන්. එම්. පෙරේරා කේන්ද්‍රයේදී පැවැති ඒකාබද්ධ විපක්‍ෂයේ මාධ්‍ය හමුවට එක්වෙමින් ජානිපෙ තරුණ කටයුතු ලේකම්, පද්ම උදයශාන්ත ගුණසේකර මන්ත්‍රීවරයා මෙසේ විමසා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා මෙසේ ද සඳහන් කළේය.

“ජනාධිපතිවරයාගේ මොළය සහ හදවත වැඩ කරන්නේ නැද්ද? කියන ප්‍රශ්නය දැන් මතු වෙනවා. දැන් රටටම හෙන ගහලා ඉවරයි. ජනාධිපතිතුමනි, දැන් ඔබ මරන්න සැලසුම් හදලත් ඉවරයි. එසේ තිබියදී ජනාධිපතිවරයා ගණදෙවි හෑල්ල, බුද්ධ ගජ්ජය, සකස්කඩ, සුභාෂිතය වැනි ඉපැරණි ග්‍රන්ථවල කවි කියමින් රට වටේ යනවා. ඔබ මේ රට ගිනි ගනිද්දි කවි කියනවා. මේකෙන් නැති වෙන්නේ මේ රට සහ රටේ අනාගතයයි.

‘කොටි පොලීසිය ජිනීවාවල වැඩ’

2009 මැයි 18 වැනිදා සහමුලින්ම පැරද වූ බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදයට පණ දෙන්න එදා සිටම දෙමළ ඩයස්පෝරාව නොකළ දෙයක් නැහැ. 2009 සිට කොටි හිතවාදී දෙමළ ඩයස්පෝරාව ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ඉදිරියට ගිහිල්ලා බොරු, බේගල් ඇදබාමින් ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය කෙළෙසුවා. රණවිරුවන් යුද අපරාධ සිදු කළ බවට අමු අමුවේ බොරු චෝදනා ඉදිරිපත් කළා. නමුත් එහි තවත් ඉදිරි පියවරක් මෙවර ජිනීවා මානව හිමිකම් කවුන්සිල සැසිවාරය සමඟ දැකගත හැකි වුණා. ඒ තමයි කොටි පොලිස් නිල ඇඳුමින් සැරසුණු කොටි ත්‍රස්තවාදීන් පිරිසක් ඊයේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ඉදිරිපිට ශ්‍රී ලංකාවට එරෙහිව විරෝධතාවක නිරත වීම. මේ තමයි යහපාලනයේ නාමයෙන් ආපු බෙදුම්වාදී නාටකයේ අවසාන ජවනිකා.

‘යාපනයේ උපකුලපති පොංගු - තමිල් නැටුමක’

ජිනීවාවල දී කොටි පොලිස් නිලධාරීන් වෙනම රටක් ඉල්ලලා විරෝධතා කරන විට යාපනය විශ්වවිද්‍යාලයේ මොකද වෙන්නේ? උපකුලපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ‘පොංගු - තමිල්’ උත්සවය පවත්වනවා. ‘පොංගු - තමිල්’ කියන්නේ කොටි සංවිධානය විසින් ඊළාම් රාජ්‍යයක් හැදීමේ අරමුණින් දෙමළ කලාකරුවන්, විද්වතුන් සහභාගී කරවාගෙන පවත්වපු මහා සංස්කෘතික උළෙල. එදා රහසිගතව, දෙමළ ජනතාව බලහත්කාරයෙන් රැස්කර ගෙන පවත්වපු ඒ උත්සවය, ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලයක උපකුලපතිවරයකුගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීම ඊළාම්වාදීන් ලැබූ බරපතළ ජයග්‍රහණයක් නොවේ ද?

‘යාපනයේ කොටි නැටුම්’

අද යාපනය, කොටි ත්‍රස්තවාදීන් සිටි කාලයටත් වඩා භයානක බව සාමාන්‍ය දෙමළ ජනතාව පවසනවා. ‘ආවා කල්ලිය’ අද යාපනය විශ්වවිද්‍යාලයට රිංගලා. ඒ වගේම තුවක්කු, අවි ආයුධ තබාගෙන ඔවුන් අද සාමාන්‍ය දෙමළ ජනතාව භීතියට පත් කරනවා. එදා කොටින්ගෙන් සාමාන්‍ය දෙමළ ජනතාවට එල්ල වූ තර්ජන, මැරකම්, කප්පම් ගැනීම් නතර කිරීමට උතුරේ පොලීසිය, හමුදා නිලධාරීන් මැදිහත් වුණා. අද සහජීවනයේ නාමයෙන් ඔවුන් පොලිසි, කඳවුරු තුළට ගාල්කර තිබෙනවා.

‘මුලතිව් දිසාපති කරපු ජාතිවාදී වැඬේ’

මේ සහජීවන වැදි බණ කියන ආණ්ඩුව මුලිතිව් දිස්ත්‍රික්කයට පත් කළ දිසාපතිවරයා පසුගිය සතියේ වැලිඔය ජානකපුර, කල්‍යාණපුර, සිංහල ගම්මානවලට යනවා. ගිහින් ඒ ගම්මානවල සිටින පරම්පාරික සිංහල ගොවි පවුල් 450කට කියනවා. ‘ඔබලා දැන් මේ ගම්මානවලින් යන්න’ කියලා. දිසාපතිවරයකුට මේ විදිහට වර්ගවාදී ලෙස කටයුතු කළ හැකි ද? මේ තත්වය ඔබගේ මාධ්‍ය හරහා රටට කියන්න. මේක ඉතාමත් අවාසනාවන්ත තත්වයක්.

ඒ වගේම මා පසුගියදා අනාවරණය කළා ‘සංවර්ධනයේ නාමයෙන් නැදුන්කර්නි ප්‍රාදේශීය සභාවට අයත් මරතෝඩිය ගම්මානයේ ඉන්දියානු පවුල් 450ක් පදිංචි කිරීමට සූදානම් වෙනවා’ කියා. එය අසත්‍ය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් පැවසුවා. යළිත් මා ඉදිරිපත් කළ කරුණ නිවැරදි බව මාධ්‍ය හමුවේ පවසනවා. උතුරේ මහ ඇමති සී. වී. විග්නේෂ්වරන් උතුරේ බුදු පිළිම ඉවත් කරන්න, නාගදීප පුද බිම ‘නයිනතිව්’ කරන්න ජාතිවාදියකු ලෙස කටයුතු කරනවා. උතුරේ මහ ඇමති, මුලතිව් දිසාපති වැනි අය සහජීවනය නාමයෙන් සිදු කරන්නේ දෙමළ, ජාතිවාදී, බෙදුම්වාදයට ඔක්සිජන් සැපයීම.

අපි උතුරේ දෙමළ ජනතාවගෙන් වගේම නැගෙනහිර මුස්ලිම් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා ‘මේ සහජීවනය නාමයෙන් හිස ඔසවන බෙදුම්වාදයට එරෙහි වන්න’ කියලා. අප සැමවිටම පෙනී සිටින්නේ ජාතික සමගිය සහ ඒකීය රටක් වෙනුවෙන්. සිංහලයාට, දෙමළාට, මුසල්මානුවාට මේ රටේ ඕනෑම තැනක සමගියෙන් ජීවත් වීමට හැකි වටපිටාව තමයි බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදය පැරදවීමෙන් පසුව නිර්මාණය වූයේ. අද පුනරුත්ථාපනය වූ කොටි සංවිධානයට සම්බන්ධව සිටි 12,000ක පමණ තරුණ පිරිස ද පවසනවා, ජාතික සමගිය සහ ඒකීය රටක් වෙනුවෙන් පෙනී සිටින බව. එවැනි තත්වයක් තුළ මේ යමපාලකයන් තමන් බලයට ගෙන ආ බටහිර බලවතුන්, දෙමළ ඩයස්පෝරාව ඇතුළු බලවේග සතුටු කිරීමට බෙදුම්වාදයට උඩගෙඩි දීම රටට කරන බලවත් ද්‍රෝහීකමක්”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
2018.09.19



දැන්වීම්
ජවිපෙ - ගමනක අග
- පැතුම් රණසිංහ
2018-10-14 04:06:22 - 1139
මා නොවන මම
- නලින් ද සිල්වා
2018-10-06 04:11:05 - 14638
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 263199
තර්ජනී නාමල් හා මෛත්‍රිපාල
- නලින් ද සිල්වා
2018-09-11 04:39:27 - 298754
මනුෂ්‍යත්වයට ආගම හරස් නොවූ ‘‘තම්බියා‘‘
- ඉන්දික කුමාර
2018-06-01 17:35:14 - 556743
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 15953830
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 15832756
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 13285015
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 13230482
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 13086006
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'