Logo

ලෝක ප්‍රකට ටජ්මහල් ප්‍රාසාදය අනතුරේ !



ලෝක ප්‍රකට උරුමයක් ලෙස සැලකෙන ටජ්මහල් ආරක්ෂා කිරීමට ඉන්දීය රජය අසමත් වී ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය අවධාරණය කර තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණය පැවසූවේ, ෆෙඩරල් සහ ප්‍රාන්ත ආණ්ඩුවල උදාසීන ක්‍රියාකලාපය හේතුවෙන් එම ස්මාරකය දැඩි ලෙස පරිහානියට ලක් ව ඇති බවයි.

එරට ශ්‍රේෂ්ඨාධිකරණය මෙලෙස විවේචනය කර ඇත්තේ, ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර තිබු පෙත්සමක් විභාග කරමිනි.

මේ අතර මෙම වසරේ මැයි මාසයේදී අධිකරණය රජයට උපදෙස්දී තිබුණේ, කිරිගරුඬ ව්‍යූහයට සිදුව ඇති හානියට පිළියම් යෙදීමට විදෙස් රටක සහය ලබා ගන්නා ලෙසයි.

අධිකරණය එහිදී වැඩිදුරටත් පෙන්වාදී තිබුණේ, සුදු පැහැති කිරිගරුඬෙන් සහ අනෙක් අමු ද්‍රව්‍යවලින් සැදූ මෙම ස්මාරකය කහ පැහැයට හැරි තිබු අතර මේ වන විට එය දුඹුරු සහ කොළ පැහැයට හැරෙමින් පැවිතීම අවදානම් තත්ත්වයක් බවයි.

ස්මාරකය තුළ හා අවට පරිසර දූෂණය වීම මෙන්ම කෘමීන් සිදු කර ඇති හානි ටජ්මහල මෙලෙස පරිහානියට පත්වීමට හේතු වී ඇතැයි තහවුරු වී ඇත.

ඉන්දීය රජය අධිකරණයට කියා සිටියේ, ස්මාරකය තුළ හා අවට පරිසර දූෂණය වැළැක්වීම සඳහා පියවර ගැනීමට විශේෂ කමිටුවක් පිහිටුවා ඇති බවයි.

17 වන ශතවර්ෂයේ ඉදිකළ ටජ්මහල සංචාරක ආකර්ෂණය දිනා ගත් ලොව අතිවිශිෂ්ට නිර්මාණවලින් එකකි.

දිනකට ටජ්මහල් නැරඹීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 70,000කට අධික වේ.

 

දැන්වීම්
මහින්ද..! මේ අවසන් සටනයි..!
- අරුණ වාසලමුදලි
2018-11-15 23:09:48 - 15226
ජ වි පෙ රැවටිල්ල
- නලින් ද සිල්වා
2018-10-24 22:15:48 - 49791
ජවිපෙ - ගමනක අග
- පැතුම් රණසිංහ
2018-10-14 04:06:22 - 78523
මා නොවන මම
- නලින් ද සිල්වා
2018-10-06 04:11:05 - 162147
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 632691
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 16406225
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 16331177
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 13725437
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 13668144
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 13555118
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'