Logo

ලෙඩ්ඩුන්ට ගහපු බද්ද රජයට භූමරංගයක් වෙයි-බද්ද ඉවත් කරන්න සිදුවෙයි



වෛද්‍ය උපදේශන ගාස්තු, චැනලින් ගාස්තු සහ රෝහල් ගාස්තු වැට් බද්දෙන් නිදහස් කිරීම කෙරෙහි ජාතික ආර්ථික සභාවේ අවධානය යොමුව තිබේ.

ඉදිරියේදී ඒ පිළිබඳව සාකච්ඡා කර තීරණයක් ගැනීමට තීරණය වී ඇත්තේ, 12 වන වරටත් ජනාධිපති කාර්යාලයේදී රැස් වූ ජාතික ආර්ථික සභාවේදීයි.

දේශීය කර්මාන්තකරුවන් ආරක්ෂා කරමින්, රටේ ජාතික ආර්ථීකය සංවර්ධනය කිරීම වෙනුවෙන් අවශ්‍ය සියලු විධිවිධාන යොදන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී උපදෙස් දී ඇත.

දේශීය කර්මාන්තකරුවන් මුහුණ පා ඇති ප්‍රධාන ගැටලු 6 ක් මෙවර ආර්ථික සභාවේ අවධානයට යොමු විණි.

ජනාධිපතිතුමා එහිදී පෙන්වා දුන්නේ, දේශීය කර්මාන්තකරුවන්ට සහනදායී පොළී යටතේ, ණය පහසුකම් ලබාදීමට රාජ්‍ය බැංකුවලට විශාල වගකීමක් ඇති බවයි.

ලාභය උපරිම කර ගැනීමට උත්සහ නොකර රටේ දේශීය නිෂ්පාදකයින් දිරි ගැන්වීම මගින් රටේ සංවර්ධන ක්‍රියාවලියට දායකවීමට රාජ්‍ය බැංකු අවධානය යොමු කළ යුතු බව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ ය.

ආර්ථීක කළමනාකරණයේදී රටට අවශ්‍ය කඩිනම් වෙනස්කම් හා ගතයුතු තීන්දු තීරණ මෙන් ම ක්‍රියාත්මක කළ යුතු කෙටි කාලීන, මධ්‍ය කාලීන හා දිගු කාලීන ව්‍යාපෘති සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා වී තිබේ.



දැන්වීම්
මහින්ද..! මේ අවසන් සටනයි..!
- අරුණ වාසලමුදලි
2018-11-15 23:09:48 - 12306
ජ වි පෙ රැවටිල්ල
- නලින් ද සිල්වා
2018-10-24 22:15:48 - 46442
ජවිපෙ - ගමනක අග
- පැතුම් රණසිංහ
2018-10-14 04:06:22 - 75534
මා නොවන මම
- නලින් ද සිල්වා
2018-10-06 04:11:05 - 156160
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 610262
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 16379132
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 16302544
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 13694400
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 13634073
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 13524227
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'