![]() 2019-02-17 00:43:02 ![]() |
![]() 2019-02-16 23:06:50 ![]() |
![]() 2019-02-16 22:49:02 ![]() |
2019-02-16 22:36:03 ![]() |
2019-02-16 22:34:05 ![]() |
2015-12-07 16:13:43 ![]() |
2014-10-25 10:04:05 ![]() |
2014-10-25 10:07:21 ![]() |
2014-10-25 10:19:01 ![]() |
![]() 2015-07-07 22:25:50 ![]() |
උන් – ට්‍රම්ප් දෙපළ ම සිංගප්පූරුවට පා තබති
උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් සහ අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද පස්වරුවේ සිංගප්පූරුවට පැමිණියහ.
ඒ තවත් දින දෙකකින් සිංගප්පූරුවේ සෙන්තෝසා දිවයිනේදී පැවැත්වීමට නියමිත අමෙරිකා – උතුරු කොරියා ඓතිහාසික හමුවට සහභාගී වීම සඳහායි.
සිංගප්පූරුවේ චැන්ගි ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණි උතුරු කොරියානු නායකයා පිළි ගනු ලැබුවේ, සිංගප්පූරු විදේශ අමාත්‍ය විවියන් බාලක්‍රිෂ්ණන් විසිනි.
උතුරු කොරියානු නායකයා රැගත් යානය කාර්යබහුල ගුවන් මාර්ගයක පියාසර කළ ද ඒ ආසන්නයෙන් සිවිල් ගුවන් යානා පියාසර කර කිරීමට ඉඩ ලබා දී නොමැති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
උතුරු කොරියානු නායකයා අද සවස සිංගප්පූරු අගමැති ලී ෂියෑන්ග් ලූන්ග් හමුවීමට නියමිතයි.
ජී 7 සමුළුවට සහභාගී වීම සඳහා කැනඩාව බලා ගොස් සිටි අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද පස්වරුවේ සිංගප්පූරුවට ළඟා වූයේ උතුරු කොරියානු නායකයා සිංගප්පූරුවට ළඟාවී පැය කිහිපයකට පසුවයි.
ඔහුගේ දූත පිරිසට අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ , ජාතික ආරක්ෂාව පිළිබඳ උපදේශක ජෝන් බෝල්ටන් ධවල මන්දිර කාර්ය මණ්ඩල ප්‍රධානියා සහ ධවල මන්දිර මාධ්‍ය ලේකම් ද ඇතුළත් ය.
හමුව පැවැත්වෙන ස්ථාන සහ රාජ්‍ය නායකයන් දෙදෙනා නවාතැන් ගන්නා හෝටල් ආශ්‍රිතව ආරක්ෂාව තර කිරීමට සිංගප්පූරු බලධාරීහු පියවර ගත්හ.
කොරියානු අර්ධද්වීපයේ සාමය සහ උතුරු කොරියාව න්‍යෂ්ටික හරණය කිරීම රඳා පවතින්නේ ලබන අඟහරුවාදා පැවැත්වීමට නියමිත මෙම සාකච්ජාවල සාර්ථකත්වය මතයි.
කෙසේ වෙතත් මාධ්‍ය අමතමින් අමෙරිකානු ජනපතිවරයා කියා සිටියේ පළමු මිනිත්තුව තුළදී ම උතුරු කොරියානු නායකයා මෙම ද්වීපාර්ශ්වික සාකච්ජා පිළිබඳ දරන මතය දැන ගැනීමට තමන් සමත් වනු ඇති බවයි.
කෙසේ වෙතත් එක් අවස්ථාවකදී සැලසුම් කළ මෙම හමුව අවිනිශ්චිත තත්ත්වයකට පත් වූයේ, එය අවලංගු කළ බව අමෙරිකානු ජනාධිපතිවරයා නිවේදනය කිරීමත් සමගයි.
ඔහු එහිදී පැවසුවේ, උතුරු කොරියාවේ වෛරී ප්‍රකාශ හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.
කෙසේ වෙතත් ඊට සතියකට පසුව යළි අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ සැලසුම් කළ පරිදි නායක හමුව පැවැත්වෙනු ඇති බවයි.
![]() 2019-02-17 00:43:02 ![]() |
![]() 2019-02-16 23:06:50 ![]() |
![]() 2019-02-16 22:49:02 ![]() |
2019-02-16 22:36:03 ![]() |
2019-02-16 22:34:05 ![]() |
2015-12-07 16:13:43 ![]() |
2014-10-25 10:04:05 ![]() |
2014-10-25 10:07:21 ![]() |
2014-10-25 10:19:01 ![]() |
![]() 2015-07-07 22:25:50 ![]() |
- ඉන්දික කුමාර 2019-02-14 21:20:52 ![]() |
- ඉන්දික කුමාර 2019-02-14 20:04:06 ![]() |
- අරුණ වාසලමුදලි 2018-11-15 23:09:48 ![]() |
- නලින් ද සිල්වා 2018-10-24 22:15:48 ![]() |
- පැතුම් රණසිංහ 2018-10-14 04:06:22 ![]() |
- මතීෂ චාමර අමරසේකර 2014-06-15 18:13:12 ![]() |
- මතීෂ චාමර අමරසේකර 2014-06-18 17:22:53 ![]() |
- රත්තනදෙණියේ මේධානන්ද හිමි 2015-01-13 06:05:47 ![]() |
- ඉන්දික කුමාර 2015-02-07 23:33:29 ![]() |
- මහින්ද පතිරණ ![]() |