Logo

විස්වාසභංග පොකුරු බෝම්බයෙන් ජවිපෙටත් බරපතල හානි-මධුමාධව



ජනතා විමුක්ති පෙරමුණ මේ වන විට අනුර කුමාර කණ්ඩායම හා ලාල් කාන්ත කණ්ඩායම ලෙස කණ්ඩායම් දෙකකට බෙදී ඇති බව පිවිතුරු හෙල උරුමයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද මහතා පවසයි.

ලංකා ඉතිහාසයේ වෙච්ච මහ මංකොල්ලයේ මංකොල්ලකරුවා විශ්වාසභංගය දිනු වෙලාවේ පාරට බැහැලා රතිඤ්ඤා දැන්ම කැපුවත් කොළ කියන  මිනිස්සුන්ව අපි දැක්කා. අපිට ඔවුන්ට කියන්න තියෙන්නේ විශ්වාසභංගය කියන්නේ බොම්බයක් නෙවෙයි. එය පොකුරු බොම්බයක් බව අපි මතක් කරන්නට කැමතියි.

විශ්වාස භංගයෙන්  පාර්ලිමේන්තුවේ මහ ලොකුවට උදම් අනපු තුනෙන් දෙක ඔවුන්ට නැති වුණා. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ සෑම මැතිවරණයකටම පස්සේ බුර බුරා නැගෙන රනිල් විරෝධි කැරැල්ලට සධාරණ නව ජවයක් ලැබී ඇති බව අමතක කරන්නට එපා. ඊට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනාගේ කල්ලියේ පිපිරීම ඒ පොකුරු බොම්බයේ තවත් එක් බොම්බ පාර්ශවයක් බව අමතක කරන්න එපා.

සමාජයට, මාධ්‍ය ඉස්සරහට ඇවිත් තොත්ත බබලා වගේ හැසිරෙන ජනතා විමුක්ති පෙරමුණ තුලත් මේ විශ්වාසභංගය නිසා දෙකට බෙදීමක් ඇතිවුන බව. අනුර කුමාර සහ ලාල් කාන්ත යනුවෙන් පිල් දෙකක් බෙදුනු බවට සමාන්‍ය මහජනතාව නොදන්නවා වුණාට දේශපාලනයතුල එය රහසක් නොවන බව ජනතා විමුක්ති පෙරමුණත් අපි දන්වනවා. ඒ පොකුරු බොම්බය පුපුරා ගිය තවත් එක් කදවුරක් බව මතක තියා ගන්න.

දෙමළ මිනිසුන්ගේ ඓතිහාසික නායකයා ලෙස පෙනී ඉන්න ත්‍රස්තවාදීන් සමග උරෙන් උර ගෑටි ඔවුන් විසින් බිහිකරපු TNA නම් සංවිධානයේ සම්බන්දන් විපක්ෂ නායකයා නොව රනිල් වික්‍රමසිංහගේ කුක්කෙක් බව ජනතාවට මේ විශ්වාස භංගය නිසා එත්තු ගියා.

ඒ වගේම අපි හැමදාම වගේ කියන සිංහ නාද බලුකෙදිරි පාච රණවක නම් වූ සිංහල ජාතිය වෙනුවෙන් ඓතිහාසික තිරණ ගත් දොන් ජුවන් ධර්මපාලට විරුද්ධව සිංහල සංකේත මැවු මිනිසාත් දොන් ජුවන් ධර්මපාල රකින්නට බිහිවෙච්ච තවත් එක් බලු කුක්කෙක් බවට විශ්වාස භංග යෝජනාවේදී පත්වුනා.

මේ පොකුරු බොම්බය තවමත් පිපිරි හමාර නැති බවත් අපි මතක් කරන්නට කැමතියි.

– අරවින්ද අතුකෝරල

Loading...
දැන්වීම්
මනුෂ්‍යත්වයට ආගම හරස් නොවූ ‘‘තම්බියා‘‘
- ඉන්දික කුමාර
2018-06-01 17:35:14 - 187140
ජාතිකවාදීන්ට සතුටු විය හැකි තීරණයක්
- නලින් ද සිල්වා
2018-06-01 01:16:33 - 193343
රාජ්‍යය විශ්ව විද්‍යාලවල 80% පැමිනීම අනිවාර්ය විය යුතු ද?
- මහාචාර්ය පී අයි යාපා
2018-05-28 19:50:21 - 194211
කන්දේ ගමට පයිත්තියන්ද???
- සංජන රවිඳු
2018-05-16 22:38:52 - 236284

- සංජන රවිඳු
2018-04-30 21:16:41 - 350756
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 15210947
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 15066630
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 12543261
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 12490051
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 12337327
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'