Logo

වැඩියෙන් වියදම් කරන සංචාරකයින් ගෙන්වා ගැනීම අවශ්‍යයි – ජෙට්වින් සභාපති හිරාන් කුරේ



 

ශ්‍රී ලංකාවට දැනට පැමිණෙන විදෙස් සංචාරකයින්ගෙන් තරුණ වයස්වල පසුවන්නන්, එතරම් වියදමක් නොකරන පිරිසක් බවත්, සංචාරක ආකර්ෂණය ලබා ගැනීමේ දී වයසින් ඉහළ, ක්‍රයශක්තිය අතින් ඉහළ ශක්‍යතාවයක් ඇති සංචාරකයින් ගෙන්වා ගැනීමට උනන්දු විය යුතු බවත් ජෙට්වින් හෝටල් සමූහයේ සභාපති හිරාන් කුරේ මහතා පැවසීය.

අද දින පැවති ජෙට්වින් සිම්ෆනි ලිමිටඩ් සමාගමේ ද්විතියික කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ආරම්භ වීමේ උත්සය අවස්ථාවට එක් වූ ඒ මහතා  විමසීමකට ප්‍රතිචාර දක්වමින් මේ බව කියා සිටියේය.

“අපේ රට අලෙවි කිරීම වෙනවා මදි. ලංකාවේ ප්‍රවර්ධන කාර්යාංශයට මුදලුත් තියෙනවා. මේ මුදල් වලින් නිවැරදි වෙළෙඳපොළවල අලෙවිකරණය කළ යුතුයි. එංගලන්තය, ප්‍රංශය, ජර්මනිය වගේ රටවල් මෙන්ම චීනය, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, මැදපෙරදිග වගේ රටවල්වලට අපේ රට හරි විදියට අලෙවි කරන්න ඕනේ.  දැන් එන්නේ ගොඩක් දෙනා තරුණයෝ. අවුරුදු 30 න් පහළ අය එනවා සියයට 30 ක් 35 ක් විතර. ඒ අය ආවට වියදම් කරන ප්‍රමාණය අඩුයි. මේ නිසා බොහෝ වෙලාවට රටට ලැබිය යුතු ආදායම ලැබෙන්නේ නැහැ. එම නිසා අපිට අවශ්‍යයි වයසින් ඉහළ, වැඩි වියදමක් කරන සංචාරකයින් ගෙන්නන්න“, යැයි හිරාන් කුරේ මහතා වැඩිදුරටත් පැවසීය.

Loading...
දැන්වීම්
මනුෂ්‍යත්වයට ආගම හරස් නොවූ ‘‘තම්බියා‘‘
- ඉන්දික කුමාර
2018-06-01 17:35:14 - 98355
ජාතිකවාදීන්ට සතුටු විය හැකි තීරණයක්
- නලින් ද සිල්වා
2018-06-01 01:16:33 - 100201
රාජ්‍යය විශ්ව විද්‍යාලවල 80% පැමිනීම අනිවාර්ය විය යුතු ද?
- මහාචාර්ය පී අයි යාපා
2018-05-28 19:50:21 - 102002
කන්දේ ගමට පයිත්තියන්ද???
- සංජන රවිඳු
2018-05-16 22:38:52 - 140735

- සංජන රවිඳු
2018-04-30 21:16:41 - 226244
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- සංජන රවිඳු
2014-06-18 17:22:53 - 14684477
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 14523524
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 12099800
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 11970641
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 11784000
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'