Logo

රිමාන්ඩ් භාරයේ සිටින නාවික හමුදා නිලධාරියාගේ නැන්දණිය දිවි නසා ගනී



රණවිරු බිරිඳක වූ තම දියණිය සැමියා රිමාන්ඩ් වීම නිසා විඳින වේදනාව දරාගත නොහැකිව ත්‍රිකුණාමලය නාවික බුද්ධි ප්‍රධානියකුව සිටි කමාන්ඩර් සුමිත් රණසිංහ මහතාගේ නැන්දණිය වූ ආර්. මේරි මාතාව පෙරේදා (12 දා) රාත්‍රි සිය දිවි නසාගෙන තිබේ.

වැල්ලවත්තේදී තරුණයන් පස්‌දෙනකු ඇතුළු පුද්ගලයන් එකොළොස්‌ දෙනකු පැහැරගෙන ගොස්‌ ඝාතනය කළේ යෑයි කියන චෝදනාවක්‌ මත නාවික හමුදා බුද්ධි අංශයේ කමාන්ඩර් සුමිත් රණසිංහ මහතා ඇතුළු රණවිරුවෝ හය දෙනෙක්‌ දැනට රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටිති.

නාවික හමුදා හිටපු මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් ඩී. කේ. පී. දසනායක මහතා ද එසේ බන්ධනාගාරගත කර සිටින අතර ඔවුන් එසේ රිමාන්ඩ් කර මේ වන විට මාස අටක්‌ ද ඉක්‌ම ගොස්‌ ඇත

සැමියා රිමාන්ඩ් කිරීම නිසා දරු දෙදෙනකු සමඟ දියණිය විඳින දුක පිළිබඳ දැඩි වේදනාවකින් පසුවූ ඇය පෙරේදා (12 දා) රාත්‍රි ගිරිඋල්ල නිවසේ ගෙවත්තේ පිහිටි ළිඳට පැන සිය දිවි නසාගෙන ඇතැයි පවුලේ ඥතියෙක්‌ පැවසීය.

සුමිත් රණසිංහ ඇතුළු පිරිසගේ නඩුව ඉකුත් 10 වැනිදා විභාගයට ගත් අවස්‌ථාවේ ඔවුන්ට ඇප ලැබෙනු ඇතැයි මියගිය මව දැඩි බලාපොරොත්තුවෙන් සිටි බවද හෙතෙම සඳහන් කළේය.

 සමන් කුමාර ගමගේ

දැන්වීම්
මහින්ද..! මේ අවසන් සටනයි..!
- අරුණ වාසලමුදලි
2018-11-15 23:09:48 - 41710
ජ වි පෙ රැවටිල්ල
- නලින් ද සිල්වා
2018-10-24 22:15:48 - 92272
ජවිපෙ - ගමනක අග
- පැතුම් රණසිංහ
2018-10-14 04:06:22 - 126467
මා නොවන මම
- නලින් ද සිල්වා
2018-10-06 04:11:05 - 241618
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 870037
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 17627588
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 16850846
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 13988968
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 13930308
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 13814803
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'