Logo
2019 සැප්තැම්බර් මස 21 වැනි සෙනසුරාදා

වෘත්තිය සමිති ඒකාබද්ධ උද්ඝෝෂණය ස්ථිර නැහැ

විශ‍්‍රාම වැටුප් පාරිතෝෂිකය සම්බන්ධයෙන් ලබන 24 වැනිදා පැවැත්වීමට තිබු වෘත්තිය සමිති ඒකාබද්ධ උද්ඝෝෂණය තාවකාලිකව අත්හිටුවා ඇත.විශ‍්‍රාම වැටුප් පාරිතෝෂිතය බැංකු ණයක් ලෙස ලබා දීමට රජය විසින් නිකුත් කර තිබු චක්‍රෙල්ඛනයට විරුද්ධව මෙම උද්ඝොෂණය පැවැත්වීමට සංවිධානය කොට තිබිණි.
රජයේ ඉහත තීරණයට වෘත්තිය සමිතිවලින් ඊට දැඩි විරෝධයක් පළවු අතර ඒ අනුව අදාල චක‍්‍රලේඛය අවලංගු කර දැනට තිබෙන ක‍්‍රමයටම විශ‍්‍රාම වැටුප් පාරිතෝෂිකය ලබා දෙන්නැයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා කළ නියෝගයකට අනුව අලුත් චක‍්‍රලේඛයක් නිකුත් කෙරුණි.

කෙසේවෙතත් එම නව චක‍්‍රලේඛයේ ද යම් යම් ව්‍යාකූලතා පවතින බව රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වෘත්තිය සමිති එකමුතුව පවසා සිටී අතර අදාල විශ‍්‍රාම වැටුප් පාරිතෝෂිකය විශ‍්‍රාමිකයින්ට ගෙවනු ලබන වකවානුව ද නිශ්චිතව ප‍්‍රකාශ කළ යුතු බව මෙහිදී අවධාරණය කෙරුණි.





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'