Logo
2019 සැප්තැම්බර් මස 21 වැනි සෙනසුරාදා

අද උදේ සිට කොළඹ - නුවර පාර වැසෙයි

අද පස්වරු 7.00 සිට පසුදින අලුයම 3.00 දක්වා කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ කිලෝමීටර් 70 සහ 80 කණු අතර කොටස වසා තැබෙන බව පොලීසිය පවසා සිටී.

ඒ කෑගල්ල - වෑවලදෙණිය රජමහා විහාරයේ පොසොන් මහ පෙරහැර වීදි සංචාරය කිරීම හේතුවෙන් අදාළ මාර්ගය වසා තැබෙන බව පොලීසිය සඳහන් කරයි.

නුවර සිට කොළඹ දෙසට ගමන් ගන්නා වාහනවලට මීපිටිය මංසන්ධියෙන් වමට හැරී වැලිමන්නාතොට හරහා මොලමුරේ මාවතෙන් පැමිණ නුවර - කොළඹ ප්‍රධාන මාර්ගයට පිවිසිය හැකි බවත් කොළඹ සිට නුවර දෙසට ගමන් ගන්නා වාහන වලට රන්වල කනත්ත හන්දියෙන් දකුණට හැරී මොලමුරේ මාවත ඔස්සේ වැලිමන්නාතොට හංදියට පැමිණ මීපිටිය හන්දියෙන් කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයට පිවිසිය හැකි බවත් පොලීසිය සඳහන් කරයි.





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'