Logo
2019 සැප්තැම්බර් මස 15 වැනි ඉරිදා

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව මාස 06න් දීර්ඝ වේ

ශ්‍රී ලංකාවාසීන් එක් ජාතියක් ලෙස ජීවත්වීම බලාත්මක කිරීම සඳහා අවශ්‍ය දේශපාලන හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල පියවර නිර්දේශ කොට වාර්තා කිරීම සඳහා පත්කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව තවත් මාස 06කින් දීර්ඝ කිරීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබුණි.

2011 නොවැම්බර් මස 23 වැනි දිනපාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව සදහා නියම කර ඇති කාලසීමාව අදාල කාලසීමාව ඇතුළත පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට නොහැකි බැවින් එම කාලය දීර්ඝ කිරීමට තීරණය කර ඇත.

එ් සදහා වන යෝජනාව සභානායක හා වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් අද (19) පාර්ලිමේන්තුවට ඉදිරිපත් ක‍ෙරුණි.

ඒ අනුව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ කටයුතු මේ වසරේ දෙසැම්බර් මස 21වන දින දක්වා දීර්ඝ කෙරේ.





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'