Logo

මීළඟ ජනාධිපති අපේක්ෂකයා විය යුත්තේ මෛත්‍රීපාල ජනාධිපතිතුමා බව අප නිතරම එතුමාට කියනවා - එස් බී



අමාත්‍ය එස් බී දිසානායක මහතා පවසන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා වන්නේ ද පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා බවයි.

පක්ෂයේ කාන්තා හා තරුණ සමිති වල මෙන්ම පක්ෂයට අනුබද්ධ වෘත්තිය සමිතිවල ප්‍ර‍බල ඉල්ලීම වී ඇත්තේ මෛත්‍රීපාල සිරිසේන මහතා මීළඟ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීම බව ඔහු පවසයි.

එහෙත් ජනාධිපතිවරයා මේ පිළිබඳව කිසිදු අදහසක් ප්‍ර‍කාශ කර නැති බව සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන අමාත්‍යාංශයේ දී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු පැවසීය.

ඇමැතිවරයා මාධ්‍ය හමුවේ මෙසේද පැවසුවේය.

අපේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා විය යුත්තේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා බව අප නිතරම එතුමාට කියනවා. අදත් අපි හිතන්නේ මේ එජාප ශ්‍රීලනිප සම්මුතිවාදී ආණ්ඩුවට තව වැඩ ගොඩක් තියනවා. මේ දෙක එකතු වෙලා ඉන්නවට පක්ෂ දෙකේම අකමැති අය ඉන්නවා. ඒ අයට මම කියන්න කැමතියි මේ දෙක එකතු වුන නිසා අපි ලැබූ විශාල ජයග්‍ර‍හණ තියෙනවා.

ඉදිරි පළාත් පාලන ඡන්ද කොට්ඨාශ ක්‍ර‍මයට තියන්න ප්‍ර‍ධාන පක්ෂ දෙක එකඟයි. ඒ වගේම අපිට අවශ්‍යයි මීළඟ පලාත් සභා හා මහ මැතිවරණයට යන්න කලින් මිශ්‍ර‍ ක්‍ර‍මයට හා කොට්ඨාශයකට මන්ත්‍රීවරයෙක් ඉන්න පලාත් සභා හා පාර්ලිමේන්තු ඡන්ද ක්‍ර‍මයක් අනුමත කර ගන්න.

මේ නිසා අපි හිටපු ජනාධිපතිතුමා ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරුන්ට කියන්නේ මේ ජයග්‍ර‍හන ටික ලබා ගන්නත්, පක්ෂය ශක්තිමත් කරන්නත් ශ්‍රීලනිපයට සහය දෙන්න කියලයි.

ජනමත විචාරනයකට යන නව ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවක් සඳහා මෛත්‍රීපාල ජනාධිපතිතුමාට හා ඒ කණ්ඩායම ජනතාවට දුන් පොරොන්දු අනුව වරමක් නැහැ. අපි එහෙම එකක් ඉල්ලලත් නැහැ. ජනාධිපති ක්‍ර‍මයේ බලතල අඩුකරන සංශෝධන ඇරෙන්න තව ඉන් එහාට යනවා නම් අපිට ගැටළුවක් තියෙනවා.

දැන්වීම්
ලොව විශාලතම මතක ශක්තියට හිමි ගිනස් වාර්තාව දරන මිංගුන් සයදේව් ස්වාමින් වහන්සේ.
- ඉන්දික කුමාර
2017-05-20 23:38:52 - 121855
මවකගේ වෑයමින් ඔහු අද සියවසෙහි ශ්‍රේෂ්ඨතම බුද්ධිමතාය
- ඉන්දික කුමාර
2017-05-20 07:28:29 - 130714
අපේ විශ්වවිද්‍යාල පද්ධතියේ ශාස්ත්‍ර පරිහානියට වගකිව යුත්තේ කවුද?
- ත්‍රිපිටකාචාර්ය, අභිධර්ම විශාරද, රාජකීය පණ්ඩිත ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
2017-05-16 19:39:27 - 170209
බුදු දහම විකුණන මහාචාර්යවරුන්ගෙන් පරිස්සම් වෙන්න !
- ත්‍රිපිටකාචාර්ය, අභිධර්ම විශාරද, රාජකීය පණ්ඩිත ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
2017-05-11 22:09:21 - 192746
බද්ද අඹ පැළයක් නිවසේදීම හදාගමු
- ඉන්දික කුමාර
2017-04-23 14:03:11 - 636420
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- ඉන්දික කුමාර
2014-06-18 17:22:53 - 4271279
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 3999996
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 3964867
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 3914422
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 3908193
Copyright © 2014 - 2017 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'