Logo
2019 ඔක්තෝම්බර් මස 20 වැනි ඉරිදා

නෑදෑයෝ නෙමෙයිද?



“ඔයා සලකන්නෙ හොයලා බලන්නෙ ඔයාගෙ නෑදෑයන්ට විතරයි‍. මගෙ නෑදෑයෝ ගැන ඔයාගෙ කිසිම සැලකිල්ලක් නැහැ; ඒ ගොල්ලන්ව මඟ අරිනවා. අපේ අම්මලා ගිය සැරේ නත්තල් නිවාඩුවට අපේ ගෙදර එන්ඩ ඇහැව්වාම අපි ඒ දවස්වලදි ගෙදර නෑ. ට්‍රිප් එකක් යනවා කියලා ඔයා බොරු කියල තියෙනවා. මගෙ නෑදෑයන්ට එහෙම කරන එක කොයි තරම් වැරදිද? කාර්යාලයේ වැඩ ඇරී නිවසට පැමිණ ඇඳුම් මාරු කරමින් සිටි නිහාල් දෙස බලා තල් අත්තට බොරළු ගසන්නාක් මෙන් අනෝමා කීවේ පරල වෙමිනි.

“ඔයාගෙ ඔය කතාව සම්පූර්ණයෙන් ම වැරැදියිනෙ, අනෝමා. දැන් බලන්ඩ මම කොයිතරම් ආදරේ ද ඔයාගෙ නැන්දම්මට. ඒ වගේ ම ඔයාගෙ මාමණ්ඩියාට මම මොනතරම් ගෞරවයෙන් ද සලකන්නෙ කියල ඔයා හොඳටම දන්නවනෙ. ඉතින් ඒගොල්ලෝ ඔයාගෙ නෑදෑයෝ නෙමෙයිද?” නිහාල් කීවේ සරම ඇගේ දවටා ගනිමිනි.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'