Logo
2019 සැප්තැම්බර් මස 21 වැනි සෙනසුරාදා

වගෙයි ඔයා - රොහාන් කාවින්ද -



නෙතු කදුලු බිංදුවක් ,

දෑස් අගින් බිමට වැටෙන කදුලු බිංදුවක් .,

ආදර සිනහවට කලින් දෑස් පියන් හැරදා යන කදුලු බිංදුවක්,..

වගෙයි ඔයා නෙතට එබෙන කදුලු බිංදුවක් ,...

පුරා පුං සදක් ,

 

නිශාන්තයට කැලුුම් පාන පුරා පුං සදක් ,...

රාත්‍රියේ මල් පූදන පුරා පුං සදක්,

අරුණ‍ෙදි නුඹ ගැබෙන් බසින පුරා පුං සදක් ,..

වගෙයි ඔයා පායා එන පුරා පුං සදක් ,.....

 

මල් වසන්තයක් ,

තුරු අතු අග මල් පූදන මල් වසන්තයක් ,..

බිගු රෑන් රෑන් රොනට ඇදෙන මල් වසන්තයක් ,...

මන්දහාස සිත් සනසන මල් වසන්තයක් ,...

වගෙයි ඔයා හෙට හමුවන මල් වසන්තයක් ,......

 

 






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'