Logo
2019 සැප්තැම්බර් මස 15 වැනි ඉරිදා

තොණ්ඩමන්ට එරෙහිව වෛද්‍යවරු වැඩවර්ජනයේ

නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ සියලූම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල වෛද්‍යවරුන් අද (18) අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාට එරෙහිව වැඩවර්ජනයක යෙදෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසා සිටී.
නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 13ක වෛද්‍යවරුන් මෙලෙස වැඩ වර්ජනයේ යෙදෙන බව එහි මධ්‍යම කාරක සභික වෛද්‍ය හරිත අලූත්ගේ මහතා පැවසීය. අමාත්‍ය ආරුමුගම් තොණඩමන් මහතා විසින් කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාට බැන තර්ජනය කළේයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් ඉකුක් දා සාකච්ඡාවක් පැවැති අතර එහිදී එළැඹි එකඟතාවන් තවමත් ඉටු නොවු බව වෛද්‍ය හරිත අලූත්ගේ මහතා කියා සිටී.
"මෛතී‍්‍රපාල සිරිසේන ඇමති තුමා අපිට සාකච්ඡාවක් ලබා දුන්නා ඒ සාකච්ඡාවේ ඇතිවූ එකඟතාවයට අනුව ඊයේ අපි බලාපොරොත්තු වුණා තොණ්ඩමන් ඇමතිතුමා ප‍්‍රදේශයේ වෛද්‍යවරුන්ට තමන්ගේ රාජකාරියට බාධාවක් නොවෙන පරිදි හැසිරෙන්න පොරොන්දු වෙයි කියලා. නමුත් ඊයේ දිනයේදී එහෙම පොරොන්දුවක් ලැබුණේ නැහැ. ඒ නිසා අද දවස ඇතුලත සෞඛ්‍ය නිලධාරී කාර්යාල 13 ක වෛද්‍යවරු පැය 24 ක වැඩවර්ජනයක නිරත වෙනවා. අද දවසේ මේ ප‍්‍රශ්ණය විසඳුනේ නැත්නම් හෙට දිනයේ පැවැත්වෙන රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ විධායක සභාවේදී ගතයුතු ඉදිරි කි‍්‍රයාමාර්ග ගැන පියවර ගන්නවා." යැයි වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසා සිටී.





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'