Logo
2019 සැප්තැම්බර් මස 23 වැනි සඳුදා

අද සහ හෙට වතුර කපයි

අද (17) සහ හෙට (18) දිනයන්හි කොළඹ හා මහරගම අවට ප්‍රදේශ කිහිපයකට ලංකා විදුලි පුද්ගලික සමාගමේ විදුලි බලය විසන්ධි කිරීම හේතුවෙන් අද උදෑසන 08.00 සිට රාත්‍රී 08.00 දක්වා පැය 12ක කාලයක් කැස්බෑව, බොරලැස්ගමුව සහ මහරගම යන නගර සභා බල ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට පියවර ගන්නා බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
කොළඹ අග නගරය ආශ්‍රිත සංවර්ධන ව්‍යපෘති යටතේ ජල නල එලීම හේතුවෙන් අද රාත්‍රී 09.00 සිට හෙට උදෑසන 06.00 දක්වා පැය 09 කාලයක් කොළඹ, ගාලු පාරේ, ඩික්මන්ස් පාර හන්දියේ සිට වැල්ලවත්ත සැවෝයි සිනමාහල අසල පාලම දක්වා ඊට සම්බන්ධ සියලු අතුරු මාර්ගවල ජල සැපයුම අත්හිටුවන බව ජලාපවාහන මණ්ඩලය පවසයි.





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'