Logo
2019 සැප්තැම්බර් මස 21 වැනි සෙනසුරාදා

ලොරියේ බරට පාලමක් කඩා වැටේ

 පෝර මිටි 400ක් රැගත් කන්ටේරයක් පාලමක් මතින් ගමන් කිරීමේදී කන්ටේරය සමග එම පාලම කඩා වැටීගොස් ‍ඇත.
මේ හේතුවෙන් දෙණියාය රක්වාන ප‍්‍රධාන මාර්ගයේ ගමනා ගමන කටයුතු වලට බාදා පැමිණ ඇතත් එය යථා තත්ත්වයට පත් කිරීම සඳහා දින කිහිපයක් ගතවනු ඇත.මේ නිසා රක්වානේ සිට දෙණියාය දෙසට පැමිණෙන සියලූ වාහන විකල්ප මාර්ග ලෙස ඇඹිලිපිටිය උඩගම හරහා කොලොන්න දක්වා වු මාර්ගය ඔස්සේ ගමන් කරන ලෙස පොලිසිය ඉල්ලා සිටී.
මෙලෙස කඩා වැටී ඇත්තේ හැදරැලිවත්ත ප‍්‍රදේශයේ පිහිටි කළුපාලම නමින් හැඳින්වෙන පාළම වන අතර ලොරි රථයේ අධික බර ඊට හේතුව බවට සැකකෙරේ.දෙණීයාය දෙසට ගමන් කිරීමේදී පාලම මෙලෙස කඩා වැටී ඇති බව පොලිසිය සඳහන් කරයි.





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'