Logo

 

සිත් අහසට පෑයූ සඳ - ස්වර්ණා සෙනෙවිරත්න -

යා යුතු මග තරු එලියෙන්

හොයමින් මා වෙහෙසුණු දැක

පායාවිත් සිත් අහසට

සතුටු කලා මගෙ දිවියම .

සම­රමු - සීතා ජෝති­රත්න -

(කුලී) නත්තල් සීයාගේ නත්තල

සුභ නත්තලක්

පෙම්බරයාණෙනි - රත්නා ලංකා අබේ­වි­ක්‍රම-

හන්තානේ කතා­වක්...ලෙටී­ෂියා රත්නා­යක....

නුඹේ අතේ එල්ලී­ගෙන රන් සම­න­ලි­යක් ගානට
මතක නැද්ද මං ආවා හන්තානේ කන්ද උඩට
සුරං­ගනා කතා අහන සුර­තල් දැරි­යක් වාගේ
තො‍ඳොල් වුණේ මම ද කියල හිතෙන කොටත් ලජ්ජයි මට

ඇහළ මලින් පාවඩ ලූ පෙම්ව­තුන්ගෙ මාවත දිග
දෑතෙ ඇඟිලි පට­ලා­ගෙන හෙමින් හෙමින් පිය මැන මැන
රන් හිරු රැස් දෝරෙ ගැලුව තුරු වදු­ලෙදි කනට කරල
අනා­ගතේ ගැන දොඩ­මලු වුණේ මම ද නුඹම නේද

ළපැටි වියේ සිට දුක සැප එක හිතින් ම බෙදා ගත්තු
අප්පච්චී - අම්ම - අක්ක - අයිය - මල්ලි මේ හැමෝම
තරා­දියේ එක පැත්තක අනික් පැත්තෙ නුඹ පම­ණයි
ඒත් මගේ හිත කිරුවේ බර ඒ පැත්තට තියාල

සුබ නැක­තට රන් නූලෙන් ගැට නොගැසූ ඇඟිලි බැඳන්
අප නැංගේ ජීවන කඳු පාමුල සිට හෙමින් උඩට
දුක් කර­දර ඔලොගු අරන් දරු පැට­වුන් තල්ලු කරන්
එහෙම යද්දි මං හිටි­යෙත් හන්තා­නෙදි වගෙම සතුටෙ

කව­දාදෝ අතර මගදි නුඹේ අතේ උණු­හුම මට
නොලැබ ගියේ මොන කරු­මෙද හිතා ගන්න­වත් බෑ මට
ඒ වුණාට දරු පැට­වුන් එක් කර­ගෙන කන්ද මුදුනෙ
මං ජය කොඩි දැම්ම දාට නම් නුඹ­ටත් දුක හිතේවි.

සංසාරේ අපි -පිය­සීලි විජේ­නා­යක-

බොන්සායි ආද­රය - කපිල නය­නා­නන්ද ප්‍රනාන්දු -

වගෙයි ඔයා - රොහාන් කාවින්ද -



නෙතු කදුලු බිංදුවක් ,

දෑස් අගින් බිමට වැටෙන කදුලු බිංදුවක් . වැඩි විස්තර

මගෙ සිතුවිලි

වැව් තාවුල්ලේ

සීත සුළං රැළි

තනිකඩ මගෙ සිත

සනසන යාමේ.

මෙම පිටු අංකය 1 සම්පූර්ණ පිටු 10        1    2  
දැන්වීම්
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 1530098
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 1526995
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 1216000
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 1199307
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 1184325
Copyright © 2014 - 2017 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'